ඉන්දියාව ලංකාව යා කරන පාලම හදන්න ජනපති අනුර කැමති වෙයි ද?… ආයෝජනයට ඩොලර් බිලියන 5ක් වියදම් කරන්න ඉන්දියාව සූදානම්!
නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසුව ඉන්දීය රජය මුල්ම ද්වි පාර්ශ්වීය සංවර්ධන යෝජනා ක්‍රමය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක වියදමකින් රටවල් දෙක යා කරමින් ගොඩබිම් පාලමක් ඉදි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේ මේ ව්‍යාපෘතිය නව ව්‍යාපෘතියක් නොව 2002 වසරේදී ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට කළ යෝජනවක් බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම හා ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් අතර ඉදි කිරීමට යෝජිත ගොඩ බිම් පාලම රථ වාහන ගමනාගමනයට මෙන්ම දුම්රිය ධාවනයටද උචිත වන පරිදි සැලසුම්කොට ඇති බවද සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්ත කළේය.
මේ තුලින් දෙරට අතර වාණිජමය කටයුතු සාර්ථක වන අතර ඉතා අඩු වියදමකින් දෙරට අතර ගමනාගමන පහසුකම් සලසා ගත හැකි බවද ඉන්දීය රජය පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ම මේ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ පරිසර අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තිව දැණුවත් කොට ඇති බවද ඉන්දීය මාධ්‍ය සදහන් කළේය.
- දිනසේන රතුගමගේ
ඉන්දියාව ලංකාව යා කරන පාලම හදන්න ජනපති අනුර කැමති වෙයි ද?… ආයෝජනයට ඩොලර් බිලියන 5ක් වියදම් කරන්න ඉන්දියාව සූදානම්!
2024-10-21T10:35:00+05:30
Gossip Lanka Hot News





