පාස්කු වාර්තා ගම්මන්පිලගේ හෙලිදරවුව මෙන්න... රවි සෙනෙවරත්නට, ශානි අබේසේකරට අපරාධ චෝදනා! (VIDEO)
පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය පක්ෂ මූලස්ථානය විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා ඔහු එහිදී හෙළිදරව් කරමින් සිටියි.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයන් එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඒ සම්බන්ධයෙන් අතිශය රහසිගත ලිපියක් එවකට නියෝජ්‍ය පොලිස්පතින් රවී සෙනවිරත්න මහතාට ලිපියක් දැනුම් දී තිබූ බව වාර්තාවල ඇති බවත් හෙමෙ පැවසුවේය.
දින 12ක් තිස්සේ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන තිබූ බවද රවී සෙනවිරත්න මහතා වහා ක්‍රියාත්මක වූයේ නම් නම් අදාළ බෝම්බකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බවද ඔහු පැවසීය.
මෙම අපරාධය වලක්වා නොගැනීමෙ හේතුවෙන් රවි සෙනෙවිරත්න මහතාට අපරාධ නීය යටතේ දඬුවම් දිය යුතු බව අදාල වාර්තාවේ 41 වැනි පිටුවේ දැක්වෙය බවත් හෙතෙම පැවසුවේය.
එමෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද අදාළ රාජකාරී නිසි ලෙස ඉටු නොකිරීම මත අපරාධ නඩු පැවරිය යුතු බව වාර්තාවේ නිර්දේශ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
රජයේ නිලධාරින් දා හත් දෙනෙකුට අපරාධ නඩු ගොනු කිරීමට මෙම වාර්තාවේ නිර්දේශනය කර ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
පාස්කු වාර්තා ගම්මන්පිලගේ හෙලිදරවුව මෙන්න... රවි සෙනෙවරත්නට, ශානි අබේසේකරට අපරාධ චෝදනා! (VIDEO)
2024-10-21T11:47:00+05:30
Gossip Lanka Hot News





