gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආරුගම්බේ ප්‍රහාර සැලසුමේ මහ මොළකරු කුඩු ජාවාරමෙක් !

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රාල ජාතිකයන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ මහ මොළකරු කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ත්‍රස්ත බුද්ධි අංශ සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් දමිළ පුද්ගලයාටත්, මාලදිවයින් ජාතිකයාටත් තවත් අයකු ඇමතුමක් ලබා දී සඳහන් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව යම් සහයක් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ලබාගත හැකි බවය.

මෙම සැකකරුවන් එම ජාවාරම්කරු සමඟ සාකච්ඡා කළත් හමුවූවාදැයි තවමත් තහවුරු වී නැත.

එපමණක් නොව අදාළ ජාවාරම්කරු ද ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සැලසුම් කළ ප්‍රහාරයට අනුව ඊශ්‍රායල ජාතිකයන් වැඩියෙන්ම ගැවසෙන ස්ථානයට ගොස් පිහියෙන් ඇනීම වැනි තුවාල සිදුකිරීම සැලසුම වී තිබේ. මෙම සැලසුම පසුපස සිටින සියලු‍ දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව පොලිස් සහ බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රහාරය සැලසුම් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඊශ්‍රායලය විසින් ලෙබනනයට සහ පලස්තීනයට ප්‍රහාර එල්ල කර ගාසා තීරය විනාශ කිරීමත්, එසේම හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමත්ය.

කෙසේ වෙතත් මේ වන විට මෙරට සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයන් පසුපසින් ඔවුන්ට නොදැනෙන්නට බුද්ධි අංශ ආරක්ෂාව යෙදීමට තීරණය කර තිබේ. එම ආරක්ෂක මෙහෙයුම දැනට සති දෙකක සිට ක්‍රියාත්මක කොට ඇත.

දැනට වාර්තා වන ආකාරයට මෙම වසරේ මුල් මාස හය තුළ මෙරටට පැමිණි ඊශ්‍රායල ජාතිකයන් ගණන 20515 කි. එසේම ඇමෙරිකානු ජාතිකයන් 43678 දෙනෙකි. බ්‍රිතාන්‍යයන් 134464 ක්ද වෙති.

මෙම සමය ආරුගම්බේ මුහුදු තීරයේ ජල මත ලිස්සා යෑමේ (සර්ෆින්) ක්‍රීඩාවට සුදුසුම කාලය බැවින් විශාල වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් එහි සංචාරය කරන බව සඳහන් වේ.

ඒ කාලය තුළ එම ප්‍රදේශයේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද හීබෘ ආගමික ස්ථානවල ආගමික උත්සවවලටද සහභාගි වී පෙළපාළි යන බවත්, එබැවින් එලෙස ගමන් කිරීම නතර කරන ලෙසත් දන්වා ඇත.

මීට අමතරව මාතර, වැලිගම, ගාල්ල, හික්කඩුව, මීගමුව, ඇල්ල ආදී ප්‍රදේශවල ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පොලිසිය ක්‍රියාත්මක කර තිබේ.

(deshaya.lk  - ගයාන් ගාල්ලගේ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka