gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් පාර්ලිමේන්තුවට එන විදිහ අනුරාධගේ කටින් පනියි! ආයෙත් රට රනිල්ට යනවා!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට නොපැමිණිය ද ඉදිරියේ දී රට ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහුගේ සේවය රටට ලබා දීමට ගෑස් සිලින්ඩරය කණ්ඩායම මැදිහත්ව කටයුතු කරන්නේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසී ය.

හෙතෙම මෙම අදහස පළ කළේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග වදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් 25 වන දින පැවති  ජන හමුවක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුරාධ ජයරත්න...


අපි කකුල් මාට්ටු දාන්නෙ නෑ

‘‘ගෝඨාභය රාජපක්ෂ පාලන සමයෙ දි කඩා වැටුණු රට යළි ගොඩනැගීමේ වගකීම භාරනොගත් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ රට කඩා වැටුනත් ඒ අභියෝගය භාර බාරගන්නෙ නෑ. එදාට රට යළි ගොඩ නැඟීමේ වගකීම භාරගන්නේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම. මේ යන විදිහට තවත් අවුරුද්දක් එකහමාරක් යනකොට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායමට මේ රට භාරගන්න වෙනවා.

අපි කියන්නේ නොවැම්බර් පහළොස් වෙනිද වෙනකොට කකුල් මාට්ටු දාලා අනුර ගේ ආණ්ඩුව වට්ටනවා කියලා නෙවෙයි. එතුමට රට කරගන්න බැරි වෙනවා. එතකොට රට භාරගන්න කණ්ඩායමක් ඉන්න ඕන. ඔබතුමන්ලා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ රට කඩාගෙන වැටෙනකොට සජිත් ප්‍රේමදාස රටේ වගකීම භාරගත්තේ නෑ . සජිත් ජනාධිපති ධුරය භාරගත්තා නම් රනිල් වික්‍රමසිංහ කියලා චරිතයක් එන්නෙත් නෑ. නමුත් සජිත් රට ගොඩ ගැනීම භාරනොගත් නිසා අපිට සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න.

සජිත් හරි හැටි  වගකීම් ඉෂ්ට නොකළ නිසා තමයි අනුරලගේ මාලිමාවට බලය ගන්න පුළුවන් වුණේ. සජිත් බාර ගන්න සූදානමින් ඉන්නේ සතුටින් ජොලියේ කරගෙන යන්න පුළුවන් රටක්  විතරයි. ඒ හැර රට හමුවේ අභියෝගයක් තියෙනවා නම් ඔහු මේ රට භාරගන්නේ නෑ. නොවැම්බර් දාහතර වෙනිදා ගෑස් සිලින්ඩරය කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සහයෝගය දෙන්න ඕන ඒ නිසයි. එදාට ඔබ තමුන්නාසේලා අපිට දෙන සහයෝගය ශක්තිය මත අවුරුද්දක් යනකොට අපිට ආණ්ඩුව ගන්න වුණත් පුළුවන්.


රනිල් පාර්ලිමේන්තුවට ගේන්න අපි සූදානම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ලැයිස්තුව හරහාවත් පාර්ලිමේන්තු එන්නේ නෑ. හැබැයි රටට රනිල්ව අවශ්‍ය වුණොත්; රටට රනිල්ගේ සහාය අවශ්‍ය වුණොත් එතුමාව යළිත් පාර්ලිමේන්තුවට ගෙනෙන්න අපේ කණ්ඩායම තුළ ඕන තරම් ඉඩ තිබෙනවා. ඔබතුමන්ලා දන්නවා , පසුගිය සමයේ මේ රටේ නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත අපි ආරම්භ කරා. ඔබේ ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ට මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස කෝටි ගණනක් මුදල් ලබා දුන්නා. ඒ සමග වසර ගණනාවක් නඩත්තු නොවූ පාලම් බෝක්කු මාර්ග පිළිසකර කෙරුණා. අලුත් ව්‍යාපෘති ගසමග ගමට මුදල් ආවා. අපි එතනට මේ රට හැදුවා.

සමහරු හිතන්න පුළුවන් බංකොලොත් වෙලා, අවුරුදු දෙකකට කලින් ගෑස් ඉන්ධන පෝලිම් තිබුණ රටකට මෙහෙම සල්ලි කොහෙන්ද කියලා. ඔබට කියන්න ඕන, ආර්ථිකය මේ තැනට ගේන්න අපේ ආණ්ඩුව ණය ගත්තේ නෑ. මුදල් මුද්‍රණය කළෙත් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ආර්ථික වර්ධනය තක්සේරු කළේ සියයට දෙකක යන්න කියලයි. නමුත් මේ වසරේ අපි සියයට හතරක ආර්ථික වර්ධනයක් අරගෙන දුන්නා. ඒ කියන්නේ ඉලක්කයට වඩා දෙගුණයක සංවර්ධනයක් අපි ලබාගෙන තියෙනවා.

ඒ එක්කම ඔබතුමන්ලා මතක තියාගන්න ඕන නොවැම්බර් දාහතර වෙනිද පැවැත්වෙන ජන්දය අනුර හෝ සජිත් වෙනුවෙන් පැවැත්වෙන ජන්දයක් නෙවෙයි. ඔබේ ප්‍රදේශය සංවර්ධනය කරගන්න, ඊට අවශ්‍ය මැදිහත්වීම කරන්න ඔය කවුරුත් එන්නේ නෑ. ඒ නිසා ඔබේ ප්‍රදේශය නියෝජනය කරන, ඔබට වැඩක් කරපු, ඉදිරියටත් වැඩක් කරගන්න පුළුවන් දන්නා කියන ශක්තිමත් කණ්ඩායමක් අපි පාර්ලිමේන්තු යවමු. ඒ වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනා එක්වෙමු. ඔබතුමන්ලා දන්නවා අපිට එහෙම භේදයක් නෑ. සියලු දෙනා එක්ව අපේ කඳවුර ශක්තිමත් කරමු.’’

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka