ඇල්පිටියේදී මාලිමාව, සජබ ප‍්‍රතිශත පහල බසී.. පොහොට්ටුව ඉහලට..
ඊයේ සිදු කරන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජාතික ජනබල වේගය හා සමගි ජන බල වේගයේ ඡන්ද ප්‍රතිශතයන් වල පහළ යාමක් පෙන්නුම් කරයි. ඒ පසුගිය සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණ ප්‍රතිශතයන්ට සාපේක්ෂවයි.
ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනයෙන් ජාතික ජන බලවේගය 49.37% ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයගත් අතර මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඔවුන් හිමිකරගෙන ඇත්තේ 47.58%කි.
සමගි ජන බලවේගය පැවති ජනාධිපතිවරණයේදී 27.35% ප්‍රතිශතයක් ලබා ගත්තත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එය 21.8% දක්වා පහත බැස තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී විශාල පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ආසනයේ දී ලබා ගත් ජන්ද ප්‍රතිශතය 3.56%කි.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එය 9.89% දක්වා වර්ධනය වී ඇත.
එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණයට හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීමට කටයුතු කළේ නැත.
ඇල්පිටියේදී මාලිමාව, සජබ ප‍්‍රතිශත පහල බසී.. පොහොට්ටුව ඉහලට..
2024-10-27T11:19:00+05:30
Gossip Lanka Hot News





