gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දය ජනවාරි අග !

මේ වනවිට කල් දමා ඇති පළාත් පාලන ඡන්දය ලබන ජනවාරි මස අග භාගයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි. මෙම මැතිවරණය 2023 වසරේ මාර්තු මස 09 දින පැවැත්වීමට දින නියම කර තිබියදීත් එයට මුදල් වෙන්කර නොමැති බව පවසා රජය ඡන්දය කල් දැමීය.

ඒ වන විටත් පළාත් පාලන ඡන්දය සඳහා රුපියල් මිලියන 131 ක් (රුපියල් කෝටි 13 ක් පමණ) වියදම් කර තිබිණි.

2023 මාර්තු මස 19 දා එතෙක් ක්‍රියාත්මක වූ පළාත් පාලන ආයතන 331 ක නිල කාලය අවසන් විය. එම ආයතන දැනට ක්‍රියාත්මක වන්නේ විශේෂ කොමසාරිස් පාලනය යටතේය.

අනතුරුව මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් විය.

ඒවා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ඒ අනුව මහ නගර සභා 20 ක, නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275 ක මැතිවරණය ජනවාරි මස අග භාගයේදී පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මහ මැතිවරණය හමාර වූ වහාම ආරම්භ කරනු ඇතැයි දැනගන්නට ඇත.

(deshaya.lk)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka