අරගලේ අවසන් උනේ තවදුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව කියමින් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් කඩා වැට්ටුව බවද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි.
අපේක්ෂක නාමල් රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය සමග අපේ රටේ ගමේ ඉඳන් නාගරික අර්ධනාගරික නාගරික දක්වාම ගොඩනගපු දේශපාලන කණ්ඩායමක්. අපිට හැමතිස්සෙම ඕන වුණේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න. මෙරටේ ජනතාව ජයග්‍රහණය කරවන්න.
දරුවන්ගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන තැනට රටේ ආර්ථිකයත් රටත් ගොඩනගන්න. අපි ඒක කලා. නමුත් 2015 ගත්ත දේශපාලන තීන්දු තීරණ සමග අපි යම් පසුබෑමකට ලක්වුනා. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත් වෙනකොට එතුමාට භාරගන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා භාරගත්ත තැන නෙවෙයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 බාරගත්තේ දුප්පත් රටක්. මිලියන විස්සකට අඩු ආර්ථිකයක් තිබ්බේ. ඒක අසූවකට අසූ පහකට ගෙනල්ලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රට භාර දුන්නේ. එතන ඉඳන් මේ දක්වාම අපි ආපස්සට ගිහින් මිසක් ඉදිරියට ගිහින් නෑ.
ගෝඨාභේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කොවිඩ් වලට මුහුණ දුන්නා. අපි ජනතාව කොවිඩ් වලින් මැරෙන්න දුන්නෙත් නැහැ බඩගින්න මැරෙන්න දුන්නෙත් නැහැ. හැබැයි කුමන්ත්‍රණයකින් ඒ ආණ්ඩුව වැටුනා. ඒකට හොඳම උදාහරණය බංගලාදේශය. බංගලාදේශීය අග්‍රාමාත්‍යවරියට මුහුණ දෙන්න තිබුණු අභියෝගයට ආර්ථික ප්‍රශ්නයක් සම්බන්ධ නැහැ.
ලංකාවේ අරගලය ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඇතිවුණා කිව්වට අවසාන ප්‍රතිඵලය ආර්ථිකයත් එක්ක බැඳිලා නැහැ. අරගලේ අවසන් උනේත් මේක තවදුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ කියන එක කියමින්. අරගලේ ආරම්භ වුණේ ආර්ථික ප්‍රශ්නයකින් නම් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ කියන තැනින් අවසන් වෙන්න අවශ්‍ය නැහැ. පැහැදිලිවම මේ ආණ්ඩුව වට්ටන්න යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා.”
දෙනියාය පිටපැද්දර නගරයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මේ බව සදහන් කරයි.