සර්... වාහන ප්‍රමිට් එකට අත්සන් කරන්නකෝ.... මරික්කාර් හා රනිල් අතර සුහද හමුවක් ලීක් වෙයි (VIDEO)
සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදු කරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවෙන් ඇත.
එහිදී ඔහු සාකච්ඡා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙනි.
එය මන්ත්‍රීවරුන්ට ලැබෙන එකම වරප්‍රසාදය බවත් ඒ සඳහා අත්සන් කරන තබන ලෙසත් හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඉතා සුහද ලෙස සිදුවන එම සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු හා දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ වැටුප් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පල කර ඇත.
සර්... වාහන ප්‍රමිට් එකට අත්සන් කරන්නකෝ.... මරික්කාර් හා රනිල් අතර සුහද හමුවක් ලීක් වෙයි (VIDEO)
2024-09-02T09:48:00+05:30
Gossip Lanka Hot News






