රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනකු සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.
වික්‍රමසිංහ පාර්ශ්වය විසින් මෙම ඡායාරූප මුදාහැර ඇති බව පැවසෙන අතර එජාපය හා සජබය අතර මහමැතිවරණය ඉලක්ක කරගෙන සන්ධානගත වීමක් සිදුවන බවට ප්‍රචාරයක් ගෙන යාම අරමුණු කරගෙන සහ සජබය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් යුතුව බව ඡායාරූප මුදාහැර ඇති පෙනෙන්නට තිබේ.
කෙසේවෙතත් මෙම ඡායාරූප වසර 5ක් පැරණි ඒවා බව මේ පිළිබද දන්නා කියන සියලු දෙනාම පැහැදිලිව දන්නා කාරණාවකි.
මෙම ඡායාරූප ගෙන තිබුණේ යහපාලන ආණ්ඩුව අවසාන සමයේදීය. එසේත් නැතිනම් 2019 ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව ගත් ඡායාරූප කිහිපයකි.
නමුත් මෙය අද ඊයේ සිදුවූවක් බව පෙන්වමින් රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් යළිත් මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු කොට තිබීම තුට්ටු දෙකේ වැඩක් බව බොහෝ දෙනාගේ හැගීමය.
මේ වනවිට මැතිවරණ 40 ගණනක් පරාජයට පත්වී තුන්වන ජනාධිපතිවරණයෙනුත් පරාජයට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් තීන්දු කොට ඇත්තේ එජාප නායකත්වයේ සිටිමීන්ම ඉදිරි මහමැතිවරණයටත් තරග කිරීමේ සූදානමිනි.
නමුත් ඊට එජාපය ඇතුළෙන්ම බරපතළ විරෝධයක් මේ වනවිට එල්ල වෙමින් පවතින බවක්ද දැකගන්නට පුලුවන.
රනිල් වික්‍රමසිංහගේ වයස මේ වනවිට අවුරුදු 76කි.