හිටපු ඇමති ප‍්‍රසන්නගේ මාධ්‍ය ඒකකයට සීල් තබයි
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට මුද්‍රා තැබීමට එහි අතිරේක ලේකම්වරයෙකු විසින් කටයුතු කර තිබේ.
නව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය විජිත හේරත් මහතා එහි වැඩ භාරගැනීමට පෙර අදාළ සීල් තැබීම සිදුව ඇති.
එම ඒකකයේ සේවයේ සිටි සියලු දෙනා ඉන් ඉවත් කර කිසිවකුට ඇතුළුවීමට නොහැකි වන පරිදි ම ඒකකයට මුද්‍රා තබා ඇත.
එහි සේවය කළ ස්ථිර සේවකයන් සියලු දෙනාම කලින් සේවය කරන ලද අංශවලට නැවත යොමුකර කිරීමෙන් අනතුරුව මෙම කටයුත්ත සිදුකර තිබේ.
මුද්‍රා තැබීමට පෙරාතුව එහි තිබූ සියලු භාණ්ඩ විගණනයකට ලක් කිරීමටද කටයුතු කර ඇත.
පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ ප්‍රසන්න රණතුංග මහතායි.
හිටපු ඇමති ප‍්‍රසන්නගේ මාධ්‍ය ඒකකයට සීල් තබයි
2024-09-27T11:20:00+05:30
Gossip Lanka Hot News






