gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බංගලාදේශය හැරදා එන්න එපා - එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා  ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඇය මේ මොහොතේ ගැටලුවකට මුහුණ දී සිටියද ඇය සම්බන්ධයෙන් ඒ අගය කිරීම තමන් සිදු කරන බවද ඔහු සදහන් කරයි.

බංගල දේශයේ විපක්ෂ නායකවරිය නිදහස් කිරීමට ගෙන ඇති තීන්දුව හොඳ තීන්දුවක් වශයෙන් තමන් පිළිගන්නා බවත් එය මීට පෙර සිදු කෙලේ නම් තවදුරටත් ෂික් හසිනා අගමැති ධුරයේ රැඳෙනු ඇති බවද ඔහු පවසයි.

බංගලා දේශය තුළ ඉක්මනින් සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙතැයි තමන් බලාපොරොත්තු වන බවද පවසන ජනාධිපතිවරයා බංගලාදේශයේ ආයෝජනය කර ඇති සියලුම ශ්‍රී ලාංකිකයන් තවදුරටත් එහි රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටියි.

එරට දැනට පවතින කෙටිකාලීන අර්බුදය ඉක්මනින් විසෙඳනු ඇති බවද බංගලාදේශය ව්‍යාපාර සඳහා හොඳ ස්ථානයක් බවත් එය අතහැර නොඑන ලෙසත් ඔහු එහි සිටින  ශ්‍රී ලාංකික ආයෝජකයන්ගෙන්  ඉල්ලා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka