අරගලකරුවන්ගේ නියමයෙන් නොබෙල් සාම ත්‍යාගලාභියෙක් බංග්ලාදේශයේ ප්‍රධානියා බවට පත් කරයි
බංග්ලාදේශයේ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, එරට හමුදා නායකයින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ප්‍රධානීන් අතර සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව එරට අන්තර්වාර රාජ්‍ය මෙහෙයවීම සඳහා නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පත් කර ඇති බව වාර්තාවේ.
අඛන්ඩ රාජ්‍ය විරෝධී කැරලි හමුවේ බංග්ලාදේශය අගමැති ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉවත් වී රටින් පලා ගොස් දිනකට පසුව මෙම පත්කිරීම සිදුකර ඇත.
කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට බංග්ලාදේශ පාර්ලිමේන්තුවද විසුරුවා හැර ඇති මොහොතක එරට බලය හොබවන්නේ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන සාම ත්‍යාග ලාභී මුහම්මද් යුනුස් බවයි.
අරගලකරුවන්ගේ නියමයෙන් නොබෙල් සාම ත්‍යාගලාභියෙක් බංග්ලාදේශයේ ප්‍රධානියා බවට පත් කරයි
2024-08-07T09:15:00+05:30
Gossip Lanka Hot News






