රට පුරා ගොස් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට දස්කම් සපිරි යොවුන් ක්‍රීඩිකාවන් සොයා ගැනීමට දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරමින් සිටින අප්සාරි තිලකරත්න ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැදවුම්කාරිනි තනතුරෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඇය පසුගියදා එක්තරා මාධ්‍යයකට දෙනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක් සදහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා නොගත් බව කියමින් අප්සාරි ඉවත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇත.
කෙසේ වුවත් ඊට සැබෑ හේතුව වන්නේ පසුගියදා ඇය සිය සැමියා වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න සමග ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට සජබ ට එක්වීම බව අභ්‍යන්තර තොරතුරු වාර්තාවලින් අනාවරණය වී තිබේ
මේ වනවිට මෙරට අවුරුදු 19න් පහළ ජාතික කාන්තා පිලේ බහුතර ක්‍රීඩිකාවන් පිරිසක් අප්සාරිගේ සොයාගැනීම් බවත්, ජාතික කාන්තා පිලේ ද ඇය විසින් සොයාගනු ලැබූ ක්‍රීඩිකාවන් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.
කාන්තා ක්‍රිකට් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරන අප්සාරි එම තනතුරෙන් ඉවත් කිරීමෙන් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල පාඩුවක් සිදුවනු ඇතැයි බහුතර අදහස වී තිබේ.