පොහොට්ටු බහුතරය රනිල් ගලවාගනී... ලේකම් හා දෙතුන් දෙනෙකු නෙළුම් මාවතේ ඉතිරි වේ!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරී සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය නොදුනහොත් ඔවුන් පුද්ගලික මට්ටමෙන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවත් හෙතෙම පැවසීය.
ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු යැයි මතයක සිටින්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසක් බවද ඔහු කියා සිටියේය.
දැනට ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී නියෝජිතයන් සමඟ කරන සාකච්ඡාවලදී ද ඔවුන් බහුතරයක් ද ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය දිය යුතු බව යයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
හිරු නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
පොහොට්ටු බහුතරය රනිල් ගලවාගනී... ලේකම් හා දෙතුන් දෙනෙකු නෙළුම් මාවතේ ඉතිරි වේ!
2024-07-16T12:16:00+05:30
Gossip Lanka Hot News





