gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මමයි උසාවියෙන් පිළිගත් ලේකම්... අපි පක්ෂය රැකගමු – දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම ඇමැති ධුරවල බලය නීතිවිරෝධී ලෙස භාවිත කරමින් පක්‍ෂයේ සභාපතිකම ඇතුළු තනතුරු ඩැහැ ගැනීමේ උපායක් මුල සිටම ක්‍රියාත්මක වී ඇති බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයේ සංවිධායකවරුන්ට සහ පාක්ෂිකයන්ට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.

ඔහු මෙම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙසය.

එම ලිපිය මගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ එක් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් පමණක් බවයි.

මෛත්‍රීපාල සිරිසේන විසින් තමා පක්ෂ සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත් කළ පසු දුෂ්මන්ත මිත්‍රපාල වැඩබලන ලේකම් ධුරයට පත් කළ පසු ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා දේශපාලන මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා සිටිය ද එම ඉල්ලීම වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසින් ප්‍රතික්ෂේප කළ බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

පසුව නිමල් සිරිපාල ද සිල්වා දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු එකතු කර ඊනියා දේශපාලන මණ්ඩල යෝජනාවක් මගින් නීති විරෝධී ලෙස ඔහුව වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ගත් බවත් එය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී බවත් ඔහු සඳහන් කර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා නැමති අයකු තම පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් ඊට එරෙහිව කරුණු දක්වමින් ලිපියක් එවා ඇති බව අද මාධ්‍ය තුළින් දැකගත හැකි වූ බවත් මේ වනතෙක් තමන්ට එවැනි ලිපියක් ලැබී නැති බව ද ඔහු ප්‍රකාශ කරයි.

අදාළ ලිපියේ සඳහන් කර ඇති බව කියන පරිදි තමන් මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයකට සම්බන්ධ වී නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

මේ වන විට පක්ෂයට නීත්‍යනුකූල සභාපතිවරයකු නොමැති අතර ලේකම්වරයකු ලෙස අධිකරණය විසින් පත් කර සිටින්නේ දයාසිරි ජයසේකර වන තමන් පමණක් බව ද ඔහු පෙන්වාදෙයි.

තාවකාලික දීමනා වරප්‍රසාදවලට නොරැවටී පක්ෂය බේරා ගැනීමට මෙම මැර කල්ලියට එරෙහිව පෙළ ගැසෙන ලෙස සැම දෙනාගෙන් ඉල්ලා සිටින බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka