gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැක සහිත ගණුදෙනු.. කෙහෙලිය පවුලේ බැංකු ගණුම් රැසක් තහනම් කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනු ලබයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් දින 07 ක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024.06.27 වන දින කටයුතු කරන ලදි.

මේ සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දුෂණ විරෝධී පනතේ, 53 (1) වගන්තිය ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණ වරද යටතේ, ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් තහනම් කිරීමට කොමිෂන් සභාව විසින් කටයුතු කරන ලදී.

ඒ අනුව, මහාධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය දීර්ඝ කර ගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka