gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති රනිල් ලබන සතියේ සිදුකරන්න යන පෙරළිය

ජනපතිවරණය සමීප වීමත් සමග ඇතිවන දේශපාලන පෙරළි වලින් සුවිශේෂී ‍දෙයක් එළැඹෙන සතියේ සිදුවන්නට නියමිත බවට දේශපාලන ආරංචි සඳහන් කරයි. මෙම ‍පෙරළිය සිදුකරන්නට උත්සාහ දරන්නේ ජනපති රනිල් වික්‍රමසිංහය. ඔහු රටේ බංකොලොත් බව අවසන් කළේ යයි නිල ප්‍රකාශයක් කරන බවත්, 
තමන් ඉදිරි ජනපතිවරණයට තරග වදින බව පවසමින් ඔහු පවත්වන්නට යන රැස්වීමකට මෙතෙක් හැංගි හැංගි වෙස් බැන්ද විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එක්වන බවත් වාර්තාවන අතර අගමැති අපේක්ෂකයෙකු වශයෙන් පොරොන්දුවක් සමග සරත් ෆොන්සේකා විශාල ප්‍රචාරයකින් පසු රනිල් වෙත ලබන සතියේ එක්වන බවත් වාර්තාවේ.

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පසුගිය සතියේ නිර්දය ලෙස විවේචනය කිරීම පසුපස මෙම වෙනස පිළිබඳ ඉඟියක්ද සැපයූ අතර ලබන සතියේදී සරත් ෆොන්සේකා යුද්ධය ගැන ඔහු ලියූ බව කියන සුවිශේෂ ග්‍රන්ථයක් එළිදක්වන බවත් එහිදී රනිල් වික්‍රමසිංහ ෆොන්සේකාගේ පොත් දොරට වැඩුමට එක්වන බවත් පැවසේ.

මෙම අවස්ථාවේදී තමන් එජාපයට යළි එක්වන කතාව ෆොන්සේකා ප්‍රකාශ කරන්නට නියමිත අතර ෆොන්සේකා රනිල් වෙත එක්වීම සමග රාජපක්ෂ සහය රනිල් වෙතින් දුරස් වනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරයි.

 ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන 'මාර්ෂල් ' තනතුරක් සරත් ෆොන්සේකාට ළඟදිම පිරිනැමෙනු ඇතැයිද වාර්තා වේ.
තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ”මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන අතර
උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම සලකා මෙය ජාත්‍යන්තර අවධානය දිනාගන්නා තනතුරක් ලෙස පිරිනමනු ඇත.

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.

ලබන 27 වනදා දැනට දිනයොදා ඇති පරිදි සරත් ෆොන්සේකාගේ යුද්ධය ගැන පොත එළිදක්වන අතර එම පොතින් රාජපක්ෂ පාලකයින් දැඩි දෝෂදර්ශනයට ලක්කරනු ඇතැයිද වාර්තාවේ.

දේශපාලන නිල නොවන තොරතුරු වාර්තා කරන්නේ රනිල්ගේ අරමුණ ඉදිරි මැතිවරණයකදී අගමැති අපේක්ෂක ලෙස සරත් ෆොන්සේකාට අවස්ථාව ලබාදෙන්නට බවයි.

එළැඹෙන සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන සුවිශේෂි ප්‍රගති වාර්තාවක් ඉදිරිපත්කරන බවත් එහි සංඛ්‍යා ලේඛන අනුව ලංකාව බංකොලොත්භාවයෙන් මුදා ඇති බවට තහවුරු කිරීමක් කරනු ඇතැයිද වාර්තාවේ.

 ජනාධිපතිවරයා ලබන 26 වැනිදා ජාතිය අමතා රට බංකොලොත්භාවයෙන් මිදුණු බවට නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ඒ සමගම ජනාධිපතිවරයා 27 සහ 28 යන දෙදින තුළ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්ද කැඳවා රට බංකොලොත්භාවයෙන් මිදීමේ පුවත නිල වශයෙන් පාර්ලිමේන්තුවටද දැනුම් දෙනු ඇත.
30 වැනිදා මාතර ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනක් දැනට කාලසටහනේ තිබෙන අතර දේශපාලන ආරංචි හෙළි කරන්නේ ඊට ජනපති සහභාගි වී නිල වශයෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ ප්‍රකාශය සිදුකරන බවය.

එදින උත්සවයට මේ දක්වා සජබ හා පොහොට්ටුව නියෝජනය කළ නොසිතූ මන්ත්‍රී කන්ඩායමක් සරත් ෆොන්සේකාද සමග ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්නට එක්වන බව වාර්තාවේ.
මේ අතර කැබිනට් මන්ඩල සංශෝධනයක්ද ඉදිරි දිනවල සිදුවන අතර
ජනපතිවරණයට රනිල් එක්වන බව කී දින සිදුවූ පිල් මාරු කිරීම් සමග ජනපතිවරයාගේ කැබිනට් මණ්ඩලයට අලුතින් විපක්ෂ මුහුණු කිහිපයක් එක්කරගනු ඇතැයිද ඔවුන් ඉක්මනින් ඇමති වරු ලෙස දිවුරුම් දෙනු ඇතැයිද වාර්තාවේ.

මේ වනවිට ජනපති රනිල්ගේ ඉදිරි ජනපතිවරණ දේශපාලන මෙහෙයුම සඳහා කාර්යාල තුනක්ද ස්ථාපිත කර ඇති අතර ඒවාට හැංගි හැංගී යනඑන අය ලබන සතියේදී එළිපිට රනිල්ට සහය දෙන අය බවට පත්වනු ඇතැයිද වාර්තාවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka