gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කරුණා ගාල්ලේදී මහින්දගේ කිරුළ රනිල්ට පළඳවයි!

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ආරාධනයෙන් ගාල්ලේ පැවැති ජන හමුවක් ඇමතීමට පැමිණි කරුණා අම්මාන් පවසා සිටියේ ඔහු මෙතෙක් හෙළි නොකළ රහසක් පිළිබඳ ජනතාවට පැවසීමට එම ජන හමුව සඳහා සහභාගී වූ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමෙන් ලද ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබාදීමට තීරණය කළ බව එහිදී හෙතෙම පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජනතාව රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා රටේ ඊළඟ ජනාධිපතිවරයාද විය යුතු බවට මේ වන විටත් තීරණය කර අවසන් බවයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ විසින් කඩා වැට්ටවූ රට නැවත ගොඩනැගීමට දායක වූයේ රනිල් වික්‍රමසිංහ බව පැවසූ ඔහු, අවධාරණය කර සිටියේ හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් පත් කිරීමට කරුණා අම්මාන් සහයෝගය ලබා දුන් බවට ජනතාව වැරදි මතයක සිටියත් තමා කිසිවිටෙකත් එසේ නොකළ බවයි.

එමෙන්ම මෙතෙක් හෙළිදරව් නොකළ රහස වනුයේ 30 වසරක කුරිරු යුද්ධය නිමා කිරීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එවකට කළ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දුන් බවත් ඒ හේතුවෙන් යුද්ධය නිමා කරන්නට හැකි වූ බවත් ඔහු අවසන් වශයෙන් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka