සමගි ජන බලවේගය විසින් කැඳවූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දැනට කර ඇති සියලුම සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස පළමු ස්ථානයේ සිටිනා බවත් අනුර කුමාර දිසානායක පසු වන්නේ දෙවන ස්ථානයේ බවත් රනිල් වික්‍රමසිංහට හිමිවනුයේ තෙවන හෝ සිව්වන ස්ථානය බවත්ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවත් බොහෝ විට පොදු ජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයා ධම්මික පෙරේරාවිය හැකි බවත්ය.
එමෙන්ම මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් ඔහු පවසා සිටියේ 3% හි පවතින පක්ෂයක් 50% දක්වා පැමිණීමට තවත් 47% ක් එකතු කරගත යුතු බවත්, මේ වන විට 42% පවතින පක්ෂයකට ජයග්‍රහණය කරා යෑමට තවත් අවශ්‍යය තවත් 8%ක් පමණක් පවත්ය.
හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ 3% පස් ගුණයකින් වැඩිකර ඒන පිළිතුර ජාතික ජන බල වේගයේ චන්ද ප්‍රතිශතය බවයි.
පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනා මේ වන විට සමගි ජන බලවේගය සමග එක්වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ සමග ඉතිරි වී ඇත්තේ සුන්බුන් ටිකක් පමණක් බවත් පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මැතිවරණ ව්‍යාපාරය සිදුකරවා ගැනීමට බලාපොරොත්තු වන්නේ මීගමුවේ නිමල් ලංසා සහ අධිකරණයෙන් වැරදිකරු වී සිටිනා ප්‍රසන්න රණතුංග වැනි පුද්ගලයන් සමඟද යන්න විමසා සිටියේය.
