gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර ඉරාන ජනාධිපතිට ශෝක ප‍්‍රකාශය ලියා ඇත්තේ කොපි කරලා - මරික්කාර්ගෙන් චෝදනාවක්!

හදිසි ගුවන් අනතුරකින් මියගිය ඉරානයේ ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාට ශෝකය පළ කිරීමට ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉරාන තානාපති කාර්යාලට ගිය අවස්ථාවේ ශෝක ප්‍රකාශය සටහන් කරන ලද්දේ කවුරුන් විසින් හෝ ලියා දෙන දෙන ලද්දක් තම ජංගම දුරකථනෙය බලාගෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

එවන් පුද්ගලයකුට රට පාලනය කිරීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත්‍රීවරයා මේ මෙසේද එහිදී අදහස් පළ කරන ලදී.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය කැඳවන්න තව දින 132යි තියෙන්නේ. මේ මොහොතේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැති වුණත් ජනතාවට තමන්ගේ කැමැත්ත අනුව මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලුත් නියෝජිතයින් පත්කර ගැනීමට වුවමනාව තිබ්බත් වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර විසුරුවා නො හරින්නේ ජනතා විමුක්ති පෙරමුණට උදව් කිරීම සඳහා. පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සෙල්ලා ආවහම හැම දිස්ත්‍රික්කයකටම කණ්ඩායම් දාන්න ඕන. ඒ දාන කණ්ඩායම් වල ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම දිහා ජනතාව බලනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ මහ පොළොවේ ඇත්ත නැතුව සමාජ මාධ්‍ය ජාලාවල හදපු රැල්ලේ ඇත්ත පෙනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ 2001 මේ වගේම පීක් එකේ හිටියා. ඒ වෙලාවේ ආපු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ හතළිහක් අරගෙන ආසන එකසිය නවයක් ගත්තා. ජවිපී එක අට ලක්ෂ පහළොස් දාහක් අරගෙන ආසන දාසයයි ගත්තේ.. දැන් මහ මැතිවරණයක් තිබ්බොත් සමගි ජන බලවේගය ආසන එකසිය දහතුනක් පන්නලා ගන්නවා. පොදු ජන පෙරමුණ ආසන හතළිහක් පනහක් ගන්නවා. ජනතාව විමුක්ති පෙරමුණට උපරිම ආසන 25ක් විතර තමයි ගන්න වෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ මහ මැතිවරණයෙන් ඉක්බිතිව එන ජනාධිපතිවරණයකදී අනිවාර්යයෙන්ම මහ මැතිවරණය ජයග්‍රහණය කළ පක්ෂයේ නායකයා අගමැති වෙලා ඔහු ජනාධිපති ධූරයට තරග කරනකොට නිකන්ම ජයග්‍රහණය කරනවා. ඒ නිසා තමයි මේ මැතිවරණය තියන්න දෙන්නේ නැත්තේ.

ජනාධිපතිවරණයේ ඉස්සෙල්ලම තියලා ඔක්තෝබර් මාසේ පස් වෙනිදා තිබ්බොත් හත්වෙනිදට විසුරුවා හරිනවා. හත්වෙනිදා විසුරුවා හරිනවා කියලා බැලුවත් අද ඉඳලා තව දවස් එකසිය තිස් දෙකයි තියෙන්නෙ. පාර්ලිමේන්තුවේ දැනට ඉන්න දෙසිය විසි පස්දෙනාගේ ආයු කාලය තියෙන්නේ මේ තියෙන දින 132 දී. නැවත කීදෙනෙක් පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියන එක හිතාගන්න ඕනේ. ජනාධිපතිවරණය ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත්වෙලා යන පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණට ඒ ප්‍රමාණය ගන්න පුළුවන්ද කියලා දන්නේ නෑ.

1982 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඳවුරට තියෙන ඡන්ද බලය බිඳිමින් රෝහණ විජේවීර ජනාධිපතිවරණයට ඉල්ලනකොට මේ වගේම රැල්ලක් තිබ්බා. අවසානයේදී රෝහණ විජේවීර ගත්තෙ 4.19%. අඩුම තරමේ තමන්ට ඡන්ද දුන්න ජනතාවට ස්තුති කරන්නවත් විජේවීර මැතිවරණ කාර්යාලයට ආවේ නෑ. ලයනල් බෝපගේ ලියන විදිහට මැතිවරණයෙන් පස්සේ විජේවීර ඇදෙන් බස්සන්න දින තුනක් ගියා.  රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ කවර් කරන්න කොච්චර උත්සාහ ගත්තත් ඔවුන් දන්නවා ඔවුන්ට  දිනන්න බෑ.දිනුවත් ආණ්ඩුවක් කරන්න බෑ.

උදාහරණයක් විදිහට චන්ද්‍රිකා කුමාරතුංග එක්ක එකතු වෙලා වැව් දාහක් හදනවා කියලා කෘෂිකර්ම ඇමති වෙච්ච අනුර කුමාර මෙදා ගෝඨාභය පැනල ගියා වගේම එදා අවුරුදු එකහමාරකින් පැනල ගියා එක වැවක්වත් හදන්නේ නැතුව .ඒ ආණ්ඩුවේ ග්‍රාමීය ඇමති වෙච්ච ලාල්කාන්ත එක සමූපකාරයක්වත් හදන්නේ නැතුව අවුරුදු එකහමාරෙන් පැනල ගියා. ධීවර ඇමති වෙච්ච චන්ද්‍රසේන විජේසිංහ එක මාළු පැක්ටරියක්වත් හදන්නෙ නැතුව පැනල ගියා. විජිත හේරත් සංස්කෘතික ඇමතිකමෙන් පැනලා ගියේත් ඒ වගේම තමයි.

නැවත මේගොල්ලෝ උණුත් එකයි මුණුත් එකයි කියලා කතා කියනකොට තිස්සමහාරාමේ ජනතාව  තිස්සමහරාම ප්‍රාදේශීය සභාව දුන්නා. තිස්ස මහරහම් ප්‍රාදේශීය සභාවෙන් මොකක්ද කරන්න තියෙන්නෙ? කුණු අයින් කරන එක. ලයිට් එකක් කැඩුනහම දාන්න මදුරුවන්ට දුම් ගහන්න, කැඩිච්ච වලවල් ටික දාන්න. එතකොට ඒකවත් කරගන්න බැරි වෙච්ච නිසා තමයි ඒ ජනතාව නැවත වතාවක් දුන්නේ නැත්තේ.

අපි දැක්කා ඉරාන ජනාධිපතිවරයාට ශෝක ප්‍රකාශය කරන්න පක්ෂ නායකයෝ ඉරාන තානාපති කාර්යාලයට ගියපු වෙලාවේ අනුර කුමාර මහත්තයා ෆෝන් එක දිහා බලාගෙන කවුදෝ ලියල දුන්න එක තමයි ලිව්වේ. එහෙම කෙනෙකුට රට පාලනය කරගන්න බෑ කියන එක අපිට වැඩිය හොඳට දන්නේ ලාල්කාන්ත. ඒ නිසා තමයි ලාල්කාන්ත සැරින් සැරේ ඇවිල්ලා විවිධ ප්‍රකාශ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම කැඩෙන්න. මොකද ලාල්කාන්ත දන්නවා මේක අරගෙන කරන්න බැහැ කියලා. ඒ නිසා අමාරුම ටික කරගන්න වෙන කවුරු හරි බලයට පත්වීම තමයි ඒගොල්ලොන්ගෙ උවමනාව. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ප්‍රධාන විපක්ෂය වෙන්න .

අද පුවත්පතක තියෙනවා විදෙස් ණය පොලිය කෝටි 383 කින් ඉහළට. ණය හිමියන් සමග කේවල් කරන්න ආණ්ඩුවට බැරි වුණා. විදේශීය උපදේශන සමාගම් වලට ගෙවූ ඩොලර් මිලියන 5ක් වතුරේ. විදෙස් ණය හිමියන්ට වැඩි පොලියක් දුන්නත් අපේ විශ්‍රාමිකයන්ට දුන් 0.14% පොලිය කපලා. ආණ්ඩු ඇමතිවරු කිව්වට දැන් කරන්ට් කපන්නේ නැහැ පෝලිම් නැහැ කියලා, මේක තවමත් බංකොලොත් රාජ්‍යයක්. වික්‍රමසිංහ ජනාධිපති උනාට පස්සේ ණය නොගෙවන මේ තත්ත්වය තුළ ණය පොලියයි වැල් පොලියයි එකතුවෙලා ණය බර ඩොලර් මිලියන හත්දාහකින් විතර වැඩිවෙලා තියෙනවා. එන අවුරුද්දේ ඉඳලා මේ ණය වාරික ගෙවන්න වෙනවා. එතකොට රාජ්‍ය ආදායම ඩොලර් වලින් වැඩි වුනේ නැත්තං බදු වැඩි කරන්න වෙනවා. බදු වැඩි වුනොත් පෙට්‍රල් ලීටරය දෙගුණයකින් ඉහළ යාවි. කැකුළු හාල් කිලෝ පාන් රාත්තලක් රුපියල් 500 ක් විතර වෙන්න වෙයි. මේ අනතුර ලාල්කාන්ත දකිනවා.  ණය ප්‍රතිව්‍යුහගත  කිරීමත්, ආදායම වැඩි කරන්න අපනයනය වැඩි කිරීමත්, සෘජු විදේශ ආයෝජන වැඩි කිරීමත් කරන්න වෙනවා. මේ වෙද්දි මේ අවුරුද්දටවත් ගිය අවුරුද්දටවත් සෘජු විදේශ ආයෝජන රුපියලක්වත් ඇවිල්ලා නැහැ.අපනයනය වැඩි කරන්න අලුත් වෙළඳපලවල් තුළට අපි ඇතුළත් වෙලා නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ අලුත් ආණ්ඩුවකින් බදු මිල අඩු කරලා බඩු මිල අඩු කරන්න. ඒකට අනිවාර්යෙන් රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕන. ණය ප්‍රතිව්‍යුහගත  කිරීම තියෙන්නෙත් ජාත්‍යන්තර එක්ක, අපනයනය වැඩි කර ගැනීම තියෙන්නෙත් ජාත්‍යන්තරය එක්ක. සෘජු විදේශ ආයෝජන ගේන්න තියෙන්නෙත් ජාත්‍යන්තරය එක්ක. මේ තුනම ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමට කරන්න බැහැ කියලා ඒගොල්ලෝ දන්නවා.

1996 ලෝක කුසලානය දිනනකොට අර්ජුන රණතුංග නායකත්වය දුන්නා. හැබැයි එයාගේ නායකත්වයෙන් විතරක් නෙමෙයි දිනුවේ.. ඒ වෙද්දි අපේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය සදහා සනත් ජයසූරිය ,අරවින්ද සිල්වා, රොෂාන් මහානාම, වගේ පිතිකරුවෝ, මුත්තයියා මුරලි දරන්, චමින්ද වාස්, ප්‍රමෝද්ය වික්‍රමසිංහ වගේ කට්ටිය හිටියා. අසංක ගුරුසිංහ වගේ කට්ටිය හිටිය. අන්න ඒ වගේ ලෝකයේ එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලෝකයාගේ සහයෝගය ගන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ අපි ගාව.

රනිල් වික්‍රමසිංහ මහ ලොකු ආර්ථික ඔස්තාර්. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කේවල් කිරීමේ හැකියාව ඔහුට නැහැ.

1988 දී රණසිංහ ප්‍රේමදාස මේ රට භාරගනිද්දී උතුරේ යුද්ධයක් දකුණේ භීෂණයක් තිබ්බා. යුද්දෙට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන්න වුණා. මහ බැංකුව බංකොලොත් වෙලා තිබ්බා. ඒ වෙලාවේ ඉලක්ක ගතව ප්‍රායෝගිකව වැඩ කරන දේශපාලනඥයෙක් විදියට රාජ්‍යාදායම වැඩි කරන්න ආයෝජකයන්ට ආරාධනා කරලා ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයක් හදලා අපේ රටේ ආදායම ඩොලර් මිලියන හත්දාහකුත් දොළොස්දාහකුත් අතර ප්‍රමාණයකින් වැඩි කළා. ඒ නිසා තමයි ලෝක බැංකුව පවා ජනසවියට මුදල් ලබා දුන්නේ.


තව සති හයකින් කැඳවන්නට නියමිත ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලා ඒ වගේම දින  132 කින් කැඳවන මහ මැතිවරණයේදී සමගි ජන බලවේග ආණ්ඩුවකුත් හදල තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ කොහොම කිව්වත් අංක එකේ ඉන්නේ සමගි ජන බලවේගය

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka