gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ රෝහල් වලින් තරු පන්තියේ හෝටල් ඇත්දැකීමක්!

රජයේ රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන ආහාර වේල නවීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සභාපති පෝෂණ විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් මහතා ඊයේ (27) ප්‍රකාශ කළේ, රෝගීන්ට ලබා දෙන ආහාර බත් සහ ව්‍යංජන සමඟ වෙනම බන්දේසියක අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ලබාදීමට කටයුතු කරනා බවටයි. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ජුලි මාසයේදී මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන බවත්, අනතුරුව දිවයින පුරා පිහිටි සියලුම රජයේ රෝහල්වල එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

තරු පහේ හෝටල්වල කෝකියන් විසින් රෝහල් කෝකියන්ට විශේෂ පුහුණුවක් සහ විශේෂ ඇඳුම් කට්ටලයක් ලබාදීමට මෙම නව වැඩපිළිවෙළ හරහා තීරණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සකස් කරන ලද ආහාර රෝගීන් වෙත රැගෙන යාමටත්, එම ආහාර රෝගියාට පිලි ගැන්වීමටත් විශේෂ ඇඳුමින් සැරසුණු පුද්ගලයින් යොදවන බව ඔහු පැවසීය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එක් රෝගියෙකු සඳහා වෙන් කරන මුදල් ප්‍රතිපාදන වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැමැත්ත පළ කර ඇති බවත් ඉතිරි මුදල පරිත්‍යාග හරහා සපයා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මෙම වැඩසටහනට සහයෝගය දැක්වීමට දානපතියන් කැමති නම් රජයේ රෝහල්වල සිටින ආහාරවේදි වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින්ගෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka