මාලිමා ආණ්ඩුවත් රනිල් යන වැල් පාලමේ IMF සමග ඉදිරියට යනවා..- අනුර
දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුවන වැඩපිළිවෙළ ඔස්සේම ඉදිරි ජාතික ජනබලවේග පාලනයකදීද ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවැති 360 වැඩසටහන සමග එක්වෙමිනි.
‘අපි ආණ්ඩුවක් ගන්න මොහොතේදී මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැත්නම් අපි සාධාරණ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා අපි මැදිහත් විය යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතා කිව්වනං අපි අර වැල් පාලමක ගියා කියලා අපි දැන් වෙල් පාලමේ මැද ඉන්නේ. මේකෙම තමයි අපි ටික දුරක් ඉස්සරහට යන්න වෙන්නේ.
මේ ප්‍රතිව්‍යුහගතකරණය නැතුව මෙතනින් යන්න බෑ’
-lankacnews
මාලිමා ආණ්ඩුවත් රනිල් යන වැල් පාලමේ IMF සමග ඉදිරියට යනවා..- අනුර
2024-05-08T10:42:00+05:30
Gossip Lanka Hot News





