gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුලියට ගත් බෙල්ජියම් යානයේ ව්‍යාපාරික අසුන් ඉල්ලූ ශ‍්‍රී ලන්කන් නියමුවන්ට බෙල්ජියම් කපිතාන් කුණුහරුපෙන් බනී!

බෙල්ජියම් ගුවන් යානයක සිදුවුණු බනින් බස් වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්, බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට සහ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.

බෙල්ජියම් ගුවන් නියමුවා. බෙල්ජියම් ගුවන් යානයක් තුළදි ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සන කාර්ය මණ්ඩලයට අපහාස කරමින් ඉතුත් 30 වැනිදා පරුෂ වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇතැයි පැවැසෙයි.

අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය, පසුගිය දෙසැම්බරයේ බෙල්ජියම් රාජ්‍යයේ නිල ගුවන් සේවය වන එයාර් බෙල්ජියම් ගුවන් සේවය සමග ගිවිසුම අත්සන් කර ඇත්තේ එම ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් කුලී පදනමට ලබා ගනිමිනි.

එම ගිවිසුමට අනුව කොළඹ සිට ෆ්‍රැන්ක්ෆර්ට, ඩකා, ඩුබායි, පැරිස් සහ චෙන්නායි දක්වා ගුවන් ගමන් පැවැත් වෙයි. ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එයාර් බෙල් ල්ජියම් ගුවන් යානාවලින් රැගෙන යෑම ද සිදුවෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, බෙල්ජියම් ගුවන් සේවය සමග ඇතිකරගත් එකඟතාව අනුව ගුවන් සේවා කටයුතු එයාර් බෙල්ජියම විසින් මෙහෙයවනු ලබන අතර එයාර් බෙල්ජියමේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමග අවම වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනෙකු සහ ගුවන් නියමුවන් ද සිටිය යුතූ බව ද පැවැසෙයි.

පසුගිය අප්‍රේල් 30 වැනිදා කොළඹ සිට ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පියාසර කිරීමට නියමිත යු.එල් 501 ගුවන් යානය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ ගුවන් ගත වීමට සූදානමින් තිබියදී එම යානයෙන් ගමන් කිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන්ට ඒ පිළිබඳව දැනුම් දීම සිදුවිය.

සාමාන්‍යයෙන් එක් ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් වෙනත් ගුවන් සේවයක ගුවන් නියමුවන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ගමන් කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කිරීමක් සිදු කරයි.

එසේ වුවත්, අප්‍රේල් 30 වැනිදා UL 501 යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පිරී තිබුණු බව පවසමින් එම යානයේ ප්‍රධාන නියමුවා සහ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ට දන්වා ඇත්තේ වෙනත් ආසනයකට යෑමට සිදුවනු ඇති බවය.

ආසන පිරි තිබුණේ බෙල්ජියම් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ඔවුන්ට හිතවත් ඔවුන් සමග නිතර ගනුදෙනු කරන ගුවන් මගීන්ට එම ආසන ලබා දී තිබුණු බැවින් යැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකන් නියමුවන් ඔවුන්ට ලබා දුන් වෙනත් ආසන ප්‍රතික්ෂේප කළ බැවින් බෙල්ජියම් භුවන් සේවයේ බෙල්ජියම ජාතික ප්‍රධාන නියමුවා කපිතාන් පිලිප් එතෙන්කෙන් සහ ශ්‍රී ලංකන් නියමුවන් අතරේ බහින් බස් වීම සිදුවිය.

නියමු කුටියට ගිය බෙල්ජියම් ගුවන් නියමු කපිතාන් පිලිපේ එනෙත්තෙන් යානයේ සියලු දෙනාට ඇසෙන සේ නිවේදනයක් නිකුත් කළේය.

යානයේ ප්‍රමාදයට හේතුව ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් ඔවුන්ට ලබා දුන් අසුන් ප්‍රතික්ෂේප කළ බව නියමුවා පවසා ඇත්තේ, අසැබ් වදන්වලින් ශ්‍රී ලංකන් නියමුවන්ට දොස් නගමිනි.

එයාර් බෙල්ජියම් ගුවන් සේවයක් තුළ තිබිය යුතු වන්නේ බෙල්ජියම් නීතිය යැයි නියමුවා දිගින් දිගටම පැවසූ බව ද වර්තා වේ.

පසුගිය කාලයේ ද මෙවැනි සිදුවීම් රැසක් සිදුවුණු බවත්, ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් නොව බෙල් ල්ජියම් ගුවන් සේවයේ නියමුවන් කාර්ය මණ්ඩලයේ මේ අයුරින් කෙණෙහිලිකම් සිදුවී ඇති බවට ද ශ්‍රී ලංකන් ගුවන් සේවය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.


– ජමිලා හුසේන්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka