සජිත් ප්‍රේමදාස පලායන්නෙකු සේ සලකනවා : අනුරගෙන් සජිත්ට පණිවිඩයක් සජිත් නිහඬයි විවාදයෙන් පලා ගිහින්ද?
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ මස 20 වැනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
මීට පෙර අදාල විවාදය සඳහා මෙම මස 7,9,13 හෝ 14 දිනයන් ලබා දුන් බවත් ඒවාට විපක්ෂ නායකවරයා නිසි ප්‍රතිචාර ලබා නොදුන් බවත් මේ හේතුවෙන් අවසාන වශයෙන් 20 වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂනායකවරයාට තෝරාගත හැකි අයුරින් පහසුකම් සලසා ඇතැයිද එම අදාල දිනයට අදාලව තමාට කුමන වැඩක් තිබුනාද අනිවාර්යයෙන්ම එයට සහභාගි වන බවත් ඔහු පවසනවා.
මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම්දීම බවත් එම දිනයේ හෝ ඊට පෙර ඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්තික කමිටුව හා විවාදයට සූදානම් බවත් නායක අනුර කුමාර දිසානායක පවසනවා.
සජිත් ප්‍රේමදාස පලායන්නෙකු සේ සලකනවා : අනුරගෙන් සජිත්ට පණිවිඩයක් සජිත් නිහඬයි විවාදයෙන් පලා ගිහින්ද?
2024-05-08T10:40:00+05:30
Gossip Lanka Hot News





