gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතා මුදල් කෝටි දාහක් ගිල්ල හොර නිලධාරීන් හාරසීයක් නිදැල්ලේ!

රාජ්‍ය ආයතන 30කට අධික සංඛ්‍යාවක දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් හෙළිවී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400කට වැඩි පිරිසකට අදාළව නීතිය ක්‍රියාත්මක කර නොමැති බව ජාතික විගණන කාර්යාල සඳහන් කරයි.

එමෙන්ම දූෂණ, වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට සිදුවූ කෝටි 1000කට අධික පාඩුව මෙතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බවද පැවසේ.

එම අහිමි වූ මුදල අයකර ගැනීම සඳහා විගණන නිලධාරීන් කිහිප වතාවක්ම වගකිව යුතු නිලධාරීන්ට නිර්දේශ කළත් මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව විගණන නිලධාරීන් පවසයි.

මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් විසින් ක්‍රියාත්මක නොකරන්නේ එම ප්‍රධානීන් සෘජුව හෝ වක්‍රව දූෂණ වංචාවලට සම්බන්ධ වූවන් බැවින් බව විගණන නිලධාරීන් පෙන්වා දෙයි.

බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර, සීනි බදු වංචාව, බාල පොහොර සිද්ධිය වැනි මහා ජාවාරම්වලට සම්බන්ධ බව කියන නිලධාරීන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලධාරීන්ට ඇතැම් දේශපාලනඥයින්ගේ අනුග්‍රහය ලබාදීම මෙම වංචා දූෂණවලට ප්‍රධානතම හේතුව බව විගණන කණ්ඩායම් පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka