gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් යද්දී චන්ද්‍රිකාත් බාලි ; අමරවීර, දුමින්ද, ලසන්ත, අනුර හා ලන්සයිත් ඉඳලා

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලි දූපතේ සංචාරයක යෙදී සිටින අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එහි ගොස් සිට ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ අනුර යාපා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ද රැගෙන ගොස් සිටි බව වාර්තා වේ. 

එම සිව්දෙනා බණ්ඩාරනායකවාදීන් ලෙස මෑතක් වනතුරු ම කැපී පෙනුණු අතර ඔවුන්ට අමතරව නිමල් ලන්සා මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංචාරයට එක්වී ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස මෙන් ම, චන්ද්‍රිකා කුමාරතුංග අතර කිනම් මට්ටමක සාකච්ඡා පැවැත්වූයේ දැයි මේ දක්වා හෙළිවී නැත. 

කෙසේවුවද,, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ජල දිනයට සහභාගී වන බව පවසා ඉන්දුනීසියාව බලා යාම පිළිබඳව මුල සිටම දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබුණ බව ලංකා ටෲත් වාර්තා කර ඇත.

මූලාශ්‍රය – ලංකා ටෲත් 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka