ගොවීන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනුවට 2025 වසරේ සිට සෘතුමය බද්දක් පැනවීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනුවට 2025 වසරේ සිට වඩාත් විනිවිදභාවයෙන් හා ඵලදායී බද්දක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ අනුව ගොවීන් ආරක්ෂා කිරීම සඳහා රටවල් රැසක දැනටමත් ක්‍රියාත්මක වන සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
ඉහළ මිලක් පවත්වා ගනිමින් ගොවීන්ට නිසි ආදායමක් ලබාදීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන නිෂ්පාදන සඳහා එම බද්ද ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
එමෙන්ම උත්සව සමයේ මිල ඉහළ යන විට පාරිභෝගිකයාද ආරක්ෂා කර ගැනීම සඳහා බද්ද අඩු කළ හැකි බව ඔහු සඳහන් කළේය.
අයහපත් කාලගුණික තත්ත්වයන් සමඟ සැපයුම් දාමයේ ගැටලු හේතුවෙන් පසුගිය අග සහ මේ වසර මුලදී මෙරට එළවළු මිල අහස උසට නැඟුණු අතර එහිදී කැරට් කිලෝග්‍රෑම් 1ක මිල රු. 2500ක් වුවත් අධික ලෙස වගා කිරීමත් සමඟ අප්‍රේල් උත්සව සමයේ එළවළු මිල සැළකිව යුතු ලෙස පහත වැටුණු අතර එහිදී කැරට් කිලෝග්‍රෑම් 1ක මිල රු. 280ක් පමණ වී තිබිණි.
යුරෝපීය සංගමය විසින් ගොවීන්ට සහාය වීම සහ ආහාර සැපයුම් දාමය සමතුලිත කිරීමේ අරමුණින්, ඇතැම් කාලසීමාවන් තුළ ආහාර සමාගම් විසින් ඉපැයූ අධික ලාභ ඉලක්ක කරනු ලබන කෘෂි ආහාර නිෂ්පාදන සඳහා හදිසි බද්දක් යෝජනා කර තිබේ.
