ශ්‍රී ලංකා ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ඊයේ (28) ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඊට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු එක්ව සිටි බව ද සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට හිමි පෞද්ගලික විද්‍යාලයක සහතික පත් ප්‍රදානෝත්සවයක් ඊයේ මාතර දී පැවැත්වුණා.
ඉන් අනතුරුව ඒ මහතා සහ කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා දිවා ආහාරය සඳහා ගාමිණී සෙනරත් මහතාගේ නිවසට ගොස් ඇති බව සඳහන්.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් පිරිසක් ද එහි පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එහි දී ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අනුව එම තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේ දී පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති.
මේ අතර ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය පළ කිරීමට දැනටමත් තීරණය කර අවසන්.
තවත් පිරිසක් පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට ප්‍රකාශ කරනවා.
එහි දී ප්‍රසන්න රණතුංග, පියල් නිශාන්ත, කංචන විජේසේකර, පවිත්‍රා වන්නිආරච්චි සහ චාමර සම්පත් දසනායක යන මහත්ම මහත්මීන් ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් රැසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.
නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ යෝජනාවට එරෙහි වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
