gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු ජනපති චන්ද්‍රිකා කළ ඓතිහාසික වරදක් කියයි : නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන තැන ගැනත් ප්‍රකාශක්! (VIDEO)

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදියි ඇය මේ බව පවසන ලද්දේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් විනාශයට වග යුතු පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවත්, ඔවුන් දෙදෙනාම තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බවත් පවසනවා.

කෙසේ වෙතත් නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා වැඩබලන සභාපති ධූරය දරන ලංකා නිදහස් පක්ෂය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි බවද තමා එහි තනතුරක් බාර නොගන්නා නමුත් පක්ෂය ආරක්ෂා කරගෙන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බවත් ඇය පවසනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka