gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට ඇතැම් නීතිඥවරු බලපෑම් කරනවා' - මුරුත්තෙට්ටුවේ හිමි

මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් මැඩලීමට ඇතැම් නීතිඥවරු බලපෑම් කරන බවට වාර්තා වී ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුහ.
උන්වහන්සේ එබව කියා සිටියේ, නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී උන්වහන්සේ මෙසේද පැවසුහ.

'' ශ්‍රී ලංකාවේ  මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් වැඩි වී තිබුනා. දැන් පොලිස්පති තුමා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කුමන ක්‍රමයක් හෝ භාවිතා කරලා මේ ප්‍රශ්න විසදන්න ඕන. මේ වැඩපිළිවෙළට යම් නීතිඥවරු බලපෑම් කරනවා යැයි වාර්ථා වෙනවා. ''

''පොලීසිය තුවක්කුව භාවිතා කරනවට මේ නීතිඥවරු අකමැතියි. අපි අහන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලයි.''

''රාජ්‍ය නීතියට ගරු කල යුතු බව බුදු රජානන්වහන්සේ පවා ප්‍රකාශ කර තිබෙනවා. කුඩු ව්‍යාපාරය කියන්නේ දරුනු ව්‍යාපාරයක්. කුඩු මත්ද්‍රව්‍යයට සහ මිනි මැරුම් පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.''

''නීතිඥවරු තමන්ගේ රාජකාරිය කරලා පොලීසිය තමන්ගේ රාජකාරිය කල යුතුයි.''

''මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න පොලීසිය ගන්න තීන්දු වලට විරුද්ධ නොවිය යුතුයි.''

''නමුත් පොලීසියත් වදුරට දැලි පිහිය දුන්නා වගේ වැඩ නොකළ යුතුයි.''


''සමාජ විරෝධී ක්‍රියා වෙනුවෙන් රජය ගන්නා තීන්දු වලට සහය දිය යුතුයි'' - අතපත්තුකන්දේ ආනන්ද හිමි

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අතපත්තුකන්දේ ආනන්ද හිමියන් පැවසුයේ, සමාජ විරෝධී ක්‍රියා වෙනුවෙන් රජය ගන්නා තීන්දු වලට සහය දිය යුතු බවයි.

අතපත්තුකන්දේ ආනන්ද හිමියන් තවදුරටත් මෙසේද පැවසුහ.

'' රට මත්ද්‍රව්‍ය වලින් ස්වයං පෝෂිත වී ඇති බව පේනවා. මේකෙන් පේන්නේ සමාජයේ පරිහානියයි.''

'' සමාජ විරෝධී අයට විරුද්ධව පොලීසිය ඇතුලු ආණ්ඩුව වැඩපිළිවෙළක් ගෙන යනවා. මේ ක්‍රියාදාමයේදී අදාල ඇමතිවරයෙක් හා නිලධාරීන් සිටිනවා. එම නිසා අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ක්‍රියාත්මක කරන්නේ රටේ නීතියයි. එම නිසා නීතිය අවනීතියක් නොවිය යුතුයි. වැරදි කරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි.''

''බුදුන්දේශනා කල ධර්මයට අනුවත් රටක නීතියට අනුවර්ථනය විය යුතුයි.''

''මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සුවිශේෂී පුද්ගලයන් වන්නේ නීතිඥයන්. තර්කය සහ නීතිය කියන්නේ දෙකක්. තර්ක කරලා අනවශ්‍ය දෙයක් සමාජ ගත කරන්න පුලුවන්. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් දිරිමත් කල යුතුයි.''

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka