gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ රණවිරු සම්බන්ධීකාරක හොරෙක්! - ෆොන්සේකාගෙන් සැර ප්‍රහාරයක්!

සමගි ජනබලවේගයේ උපසභාපති ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට එම පක්ෂයේ කලක පටන් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව රහසක් නොවෙයි. විවිධ රාජපක්ෂවාදී හමුදා නායකයන් සජිත් තම පක්ෂයට බඳවා ගන්නා විට ෆොන්සේකා සැර පහර එල්ල කළා.

කෙසේ වෙතත්, මේ වන විට සමගි ජනබලවේගයේ රණවිරු සමුළුවට පවා ඔහුට ආරාධනා ලැබී නැති තත්ත්වයක් උද්ගත වී ඇති බව පැවසෙනවා.

මේ ගැන අදහස් දැක්වූ ෆොන්සේකා මන්ත්‍රීවරයා පවසන්නේ මහින්ද රාජපක්ෂ වැනි පතාක යෝධයෙක්ට එදිරිව දේශපාලනය කළ තමාට විගඩම්කාරයන් අභියෝගයක් නොවෙන බවයි.
සජබෙ පුද්ගලයන් කෙනෙක් දෙදෙනෙක් තමා යටපත් කිරීමට වෑයම් කරන බවද ඔහු කියා සිටියා.

සජබෙ රණවිරු කටයුතු සංවිධානය කරන්නේ හොරෙක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. තමා හමුදාපති ලෙස සිටියදී එම මේජර්වරයාට සොරකම් සම්බන්ධයෙන් දඬුවම් කළ බවද කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා  එම කටයුතු සම්බන්ධවද දැඩිව විවේචනය කරනු ලැබුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka