පළමුව පැවැත්වන්නේ ජනාධිපතිවරණයද පාර්ලිමේන්තු මැතිවරණයද කියා තීරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව දෙන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මැතිවරණය පළමුවෙන් පැවැත්විය යුතුය යන පක්ෂය මතය ඔහුට දැනුම් දුන් බවද හෙතෙම කියා සිටියේය.
නමුත් කිසිම ආකාරයකින් පක්ෂය ඒ සම්බන්ධයෙන් ඔහුට බලපෑම් නොකරන බවද හෙතෙම සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආසන්න දිනක පැයක පමණ කාලයක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
