බාල එන්නත් සිදුවීමට සාගලට එරෙහිව CIDයට පැමිණිලි කරයි
ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමනි කමන්ත තුෂාර මහතා විසිනි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාගල රත්නායක මහතා සම්බන්ධ බවද විවිධ පාර්ශවයන් විසින් හෙළිකර ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනයේදී අවධානය යොමු කරන ලෙසත් ඔහු තම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
බාල එන්නත් සිදුවීමට සාගලට එරෙහිව CIDයට පැමිණිලි කරයි
2024-04-09T12:12:00+05:30
Gossip Lanka Hot News






