gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මරණ ආදාහනය ගැන මුස්ලිම් ප‍්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක්!

කොරෝනා වසංගතය පැවති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසිය.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාවක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මෙම බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් බවත්, මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින් බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක් මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති ධුරට භාරගත් පසු මා උපදෙස් ලබා දුන් බව ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රධාන අරමුණ වු බවත්, ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා-ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කර තිබු බවද අමාත්‍යවරයා පැවසිය.

මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලදල මෙම සමාලෝචනය නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවයි.

මුද්‍රා තැබූ සිරුරු ගැඹුරින් භූමදාන කිරීම ඇතුළු නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා ඇති බවත්, මේ පරික්ෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තියෙනවා බවයි.

ඒ නිසා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka