gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙහෙයුම සම්පූර්ණ අසාර්ථකයි... බැසිල් බලය ශුන්‍ය වෙයි!

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දරන ලද උත්සාහය මුළුමනින්ම අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර මහ මැතිවරණයක් කැදවීම දේශපාලන වශයෙන් වාසිදායක බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ තමන් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය කැඳවනු මිස පාර්ලිමේන්තු මැතිවරණයක් මේ මොහොතේ කැඳවන්නේ නැති බවයි.

මෙම පසුබිම් මත බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිස් විසින් හදිසි මහමැතිවරණයකට යාමට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා උත්සාහ දරා ඇත.

නමුත් එම උත්සාහය මේ වන විට අසාර්ථක වී ඇත්තේ එවන් යෝජනාවක් සම්මක කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් ප‍්‍රමාණය පාර්ලිමේන්තුවේ සොයා ගැනීමට නොහැකි වීම මතයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka