ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් ලබා ගැනීම සදහා බැසිල් කදවුර දරමින් සිටින තවත් එක් උත්සාහයක් අසාර්ථක වී ඇති බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ඊට ප්රතිචාර වශයෙන්, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්රීවරු පිරිසක් ඊට එක`ඟවන්නේ නම්, ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් කැදවිය යැකි යැයි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇති බව වාර්තා විය.
ඒ අනුව, මුලින් මහමැතිවරණයක් ලබා ගැනීම සදහා වූ යෝජනාවකට මන්ත්රීවරු 113 කගේ අත්සන් ලබා ගැනීමේ මෙහෙයුමක් බැසිල් පාර්ශ්වය විසින් දියත් කර තිබෙන බව පුවත්පත වාර්තා කරයි.
කෙසේ වෙතත්, එම යෝජනාව අත්සන් තැබීම බොහෝ මන්ත්රීවරු විසින් ප්රතික්ෂේප කර තිබෙන තත්ත්වයක් තුළ, එකී උත්සාහය අත්හැරීමට බැසිල් පාර්ශ්වයට සිද්ධ වී තිබේ.