gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීපාල මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දෙන්න දැන් අකමැතියිලු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන අධිකරණයට දැනුම්දී තිබේ.

නීතීඥ සන්දීප්ත සූරියආරච්චිගේ මෝසමකට අනුව මෙම නඩුව කැඳවු අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදුකර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමිනි.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මීට පෙර ප්‍රකාශකර තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලැබී ඇති නවතම තොරතුරු විනිසුරුවරයකු හමුවේ රහසිගතව ප්‍රකාශ කිරීමට තමන් සුදානම් බවය.

ඉන්පසු ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔහු අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka