gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අල්ලස් නඩුවේදී සුජීවගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට පෙත්සමක්!

අල්ලස් කොමිසම විසින් සුජීව සේනසිංහට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනයක් අභියෝගයට ලක් කරමින් සුජීව සේනසිංහ විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කල බවට වාර්තා වේ.

ඒ චෙක්පත් ගණුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සුජීව සේනසිංහට එරෙහිව ආරම්භ කර තිබෙන විමර්ශනයකට අදළවයි.

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ එම පෙත්සම ඊයේ (03) දින කැඳවනු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද දිනම සලකා බලා තීන්දුවක් ලබාදන ලෙස අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටි අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 03 වනදා නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka