gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වෙනම ගමනක් යන්න මාන බලන මෛත්‍රීව සන්ධාන මන්ත්‍රීවරුන් මඟ හරිමින් ඉන්න හේතුව හෙළි වෙයි

නව සන්ධානය සමග එක්වී පුලුල් සන්ධානයක් සැදීමේ බලාපොරොත්තුවෙන් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නිමල් ලන්සා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස මගහරිමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලිකලා.

ඊට හේතුව වී ඇත්තේ සිරිසේන මහතා විටින් විට සිය මතය වෙනස් කරමින් කටයුතු කිරීම නිසා බවද වාර්තා වෙනවා.

පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුලුල් සන්ධානයක් සකසා නායකත්ව මණ්ඩලයක් යටතේ ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී හිටපු ජනාධිපතිවරයා එම යෝජනාව ගණනකට නොගෙන වෙනම ගමනක් යෑමට කටයුතු කරන බවටද නව සන්ධානයේ කටයුතු කරන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග ඉදිරි කටයුතු සාකච්ඡා කර අවසන් එකගතාවයකට පත්වීමට මන්ත්‍රී පිරිස සූදානම් වී සිටින බවද දැන ගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka