පසුගිය අරගල සමයේ රට පුරා නිවාස ගිනි තැබීම් බොහොමයක් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් යයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.
මෙම සැකකරුවන් බොහෝමයක් පොදුජන පෙරමුණු නායකයින් සමග සමීප හිතවත්කම් පැවැත් වූ පිරිස් යයි පරීක්‍ෂණ මගින් හෙලිව ඇති බවත් හෙතෙම පැවසීය.
නමුත් එම ගිනිතැබීම් තම් පාක්ෂිකයන් කළ බවට මතයක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සහ කරන බවටත් හෙතෙම චෝදනා කරයි.
ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණ තවමත් ප්‍රචණ්ඩත්වය අතහැර නැතැයි ප්‍රචාරයක් දියත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.