gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ කථානායක කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘත ඇති බව දන්වනු කැමැත්තෙමි… විශ්වාසය දිනාගත් කථානායකවරයා පාර්ලිමේන්තුවට කළ සම්පූර්ණ ප්‍රකාශය

කථානායකවරයෙකුට එරෙහිව ලංකා ඉතිහාසයේ පෙළ ගැසෙන මුල්ම විශ්වාසභංග යෝජනාව මෙය නොවුන ද  තමන්ට මෙතෙක් අනෙක් කථානයකවරුනට එල්ල වී ඇති චෝදනාවලට අමතරව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනාවක් ද එල්ල වී ඇති බවත් තමන් කිසිම අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවත් අද විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට කීවේය.

වසර 32කට පසු කථානායකවරයෙකුට එල්ල වු විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු යළි කථානායක අසුනට පැමිණි කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙම විශේෂ ප්‍රකාශය කළේය.

කතානායකවරයා  ව්‍යවස්ථාදායක සභාවට ද බරපතල චෝදනාවක් එල්ල කලේය. ව්‍යවස්ථා දායක සභාව යනු එය පිහිටුවීමේ මූඛ්‍ය පරමාර්ථයෙන්ම තීරණ ගැනීමේ ආයතනයක් බවත් ජනධිපතිවරයා සතුව තිබු තීරණ ගැනීමේ අධිකාරී බලය වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා   ව්‍යවස්ථාදායක සභාව වැනි උත්තරීතර සාමූහික ආයතනයක් වෙත ඇති අවස්ථාවක පොලිස්පතිවරයා පත්කිරීම වැනි අතිශය වැදගත් කටයුත්තක දී  අතීරණාත්මකව සහ මතයක් නොමැතිව කටයුතු කිරීම, ජාතික ආරක්ෂාව හිතාමතාම අනතුරේ හෙලීමක් යයි  තමා විශ්වාස කරනනේ යැයි ද කථානායකවරයා කීවේය.

කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

ප්‍රථම‌‌යෙන්ම දින තුනක් පුරාවට විවාදයට ගත් විශ්වාසභංග යෝජනාවේ විවාදයට සම්බන්ධ වීම ගැනත්  පක්ෂව හා විපක්ෂව ජන්දය ලබා දුන් හා ජන්දය ලබා දීමෙන් වැලකි සිටි සියලුම දෙනාටත් මාගේ ස්තූතිය පල කරනු කැමැත්තෙමි. “කථානායක” ලෙස ධුරය නම් කලද, පාර්ලිමේන්තුව තුල කථානායකවරයෙකුට විවාද වලට සම්බන්ධවීමට හෝ අදහස් දැක්වීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල ඉඩක් නොමැත. මා හමුවීමට පැමිණෙන බොහෝ ජනතාව මාගෙන් නිරන්තරයෙන්ම විමසන්නේ පාර්ලිමේන්තුවේදී මා වෙත එල්ල කරන චෝදනා වලට පිළිතුරු නොදී නිහඬව සිටින්නේ ඇයිද යන්නයි.

කථානායකවරයාගේ කාර්යභාර්ය වනුයේ මන්ත්‍රීවරුන්ට නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම මිස, ඔවුන් සමඟ ප්‍රතිතර්ක කිරීම නොවන බව මා ඔවුනට පැහැදිලි කරදී ඇත.


එසේම, මෙම විශ්වාසභංග යෝජනාව සහ එහි අන්තර්ගතය සම්බන්ධව ජනතාව වෙත පැහැදිලි කිරීම සඳහා යෝග්‍යම මොහොත මෙය බව මාගේ තේරුම් ගැනීමයි.

මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයෙහි  කථානායකවරයකු වෙත එල්ල වූ ප්‍රථම විශ්වාසභංග යෝජනාව නොවේ. මීට පූර්වයෙන්  සිව්වරක් කථානායනවරුන්හට විරුද්ධව විශ්වාස භංග යෝජනා ඉදිරිපත්ව ඇති බවට අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය සාක්ෂි දරයි. ඒ සම්බන්ද විස්තර ජනතාවගේ හා මාධ්‍ය අයතන වල දැනගැනීම සදහා සභාගත කරමි.

පොදුවේ පක්ෂක්ග්‍රාහීව කටයුතු කිරීම හා ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම, වැනි චෝදනා සියලුම කථානායකවරුන් හට එල්ල වුවත්, ප්‍රථම වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරඇති බවට වන නව චෝදනාවක් මා වෙත එල්ලකොට ඇත. කෙසේ නමුත් එල්ලවු මෙම චෝදනා සියල්ලට පිළිතුරු දීම මාගේ වගකීම වේ.


ප්‍රථමයෙන් මා පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට පිලිතුරු දීමට කැමත්තෙමි.


ඕනෑම රටක පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම් වැනි තනතුරු සෘජුවම එම රටේ ජාතික ආරක්ෂාව සමඟ බැදී පවති. මෙකී තනතුරුවල භාවිතාව හා වගකීමේ භාරදූර ස්වරුපය ගැන ශ්‍රී ලංකාවේ අපට පුර්වාදර්ශ පවති.

මීට ආසන්නතම සිදුවීම වන 2019 වසරේ එල්ල වු පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ඔබට අමතක විය නොහැක. මේ සම්බන්ධයෙන් රටේ ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ජාතික ආරක්ෂාවේ වගකිම් නිසිලෙස දැරීම සම්බන්ධයෙන් වු අධිකරණ තීන්දුවටද ඔබේ අවධානය මා යොමු කරමි. එය කියවා බැලීමට මා සියලුදෙනාට ආරාධනා කරන අතර,  එමගින් සිද්ධියක් ඇතිවීමට ප්‍රථම තීරණ ගැනීම, එම තීරණ ක්‍රියාත්මක කිරීම, වගකීම හා රාජකාරිය නියම ආකාරයෙන් සිදු නොකිරීම බරපතල ප්‍රතිවිපාක ගෙන දීමට හේතුවි ඇති බව අනාවරණය කොට ඇත.

කරුණු මෙසේ පෙලෙගැසී ඇති අවස්ථාවක පොලිස්පතිවරයා පත්කිරීම ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන ප්‍රධාන සාධකයක් වන බව, ඔබ මා හා එකඟවනු ඇත.


ව්‍යවස්ථාදායක සභාව යනු එය පිහිටුවීමේ මූඛ්‍ය පරමාර්ථයෙන්ම තීරණ ගැනීමේ ආයතනයකි. ජනධිපතිවරයා සතුව තිබු තීරණ ගැනීමේ අධිකාරී බලය වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා   ව්‍යවස්ථාදායක සභාව වැනි උත්තරීතර සාමූහික ආයතනයක් වෙත පවරා ඇත. එවැනි ආයතනයක්, මෙවැන් අවස්ථාවක අතීරණාත්මකව සහ මතයක් නොමැතිව කටයුතු කිරීම, ජාතික ආරක්ෂාව හිතාමතාම අනතුරේ හෙලිමක් යයි  මාගේ හැගීමයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව මා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ යම් යම් කොටස් උපුටා දක්වමින් ජනතාව නොමඟ යවන සුඑ ප්‍රකාශ හා මාධ්‍ය වාර්තා පලවු බැවින්, එම දුර්මත දුරු කිරීම සඳහා එම ලිපිය සම්පුර්ණ වශයෙන් මා සභාගත කරමි.

එම ලිපියේ සඳහන් පහත කරුණු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 E වගන්තිය යටතේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් හට ජන්දය ලබා දීමෙන් වැලකී සිටිමේ විදිවිධාන සලසා නොමැති විම.

2. එසේ ප්‍රතිපාදන සලසා නොමැති අවස්ථාවක ජන්දය දිමෙන් වැලකී සිටිම විරුද්ධ වීමක් ලෙස සලකනු ලබන්නේනම් හා

3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 E (5) වගන්තිය ප්‍රකාරව එය සම සමව ජන්දය ලබා දී ඇති අවස්ථාවක් ලෙස සලකන්නේද නම් මාගේ තීරක ජන්දය මීට ලබාදෙන බවයි.

මීට අමතරව ව්‍යවස්ථාදායක සභාව රැස් වූ පෙබරවාරි මස 26 වන දින, රැස්වීම ආරම්භයේදීම  මා ස්තීර පොලිස්පතිවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාව හා වැදගත්කම සභාවට අවධාරණය කලෙමි. ඒ බව ව්‍යවස්ථාදායක සභාවේ කාර්ය සටහන් අංක 7 යටතේ සටහන්ව ඇත.  ඒ සම්බන්ධයෙන් මාගේ ස්ථාවරය ඉන් ගම්‍ය වනු අත.

මේ අනුව නීති දැනුම කෙසේ වෙතත්, අල්ප හෝ භාෂා දැනුමක් ඇති අයෙකුට එම ලිපියෙන් මා කිසිසේත් ව්‍යස්වථාව උල්ලංඝනය කර නොමැති බවත්, කිසිදු නිතී අර්ථ නිරූපනයක්ද මා විසින් කර නොමැති බවත් පසක් වනු ඇත. මා එම අවස්ථාවේ ඡන්දය නොදී පසුව ඡන්දය ප්‍රකාශ කලේ යැයි කීම සත්‍ය විකෘති කිරීමකි. එම අවස්ථාවේ ඡන්දය ප්‍රකාශ කල හැක්කේ ඡන්දය දීමෙන් වැලකී සිටි දෙදෙනා ද විපක්ෂ වීමක් ලෙස අර්ථ නිරූපනය වන්නේ නම් පමණි. එවන් අර්ථ නිරූපනයක් කිරීමට කථානායකවරයා වශයෙන් මා හට බලයක් නැත.


එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන තීරණයක් ඇතැම් සමාජිකයන් දැරීම, විරුද්ධ විමක් ලෙස අර්ථ නිරුපනය කරන්නේනම්, මාගේ පූර්ණ අයිතිය වන තීරක ජන්දය ඊට පක්ෂව ලබාදෙන බව පමණක් මා ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇත. එලෙස දන්වා යැවුයේ ඔනෑම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරනයෙන් හෝ නිතීපතිවරයාගෙන්  නිතීය විවරනය කරවා ගැනීමට ඔහුට විශේෂ බලයක් ඇති බැවිනි. එබැවින් මෙම චෝදනාව පදනම් විරහිතවේ. මෙය අධිකරණය ඉදිරියේ ඇති කරුණක් බැවින් තව දුරටත් එය පැහැදිලි නොකරමි.

දෙවනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත් කෙටුම්පතට අදාලව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිර්දේශ වලට පටහැනිව සම්මත කලේය යන චෝදනාවට අදාලව, මා ජනතාවගෙන් හා මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනුයේ 2024 ජනවාරි මස 24 දින සවස 5.20 සිට 6.45 දක්වා වු පාර්ලිමේන්තු සජීවි විකාශයේ පටිගත කල දර්ශන පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා නරඹන ලෙසයි.

මා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට අදහස් හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් ආකාරයත්, ඔවුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දෙමින් ජන්දයකට යාමට අවස්ථාව දුන් ආකාරයත් එහි පැහැදිලිව ඇත. තවද විපක්ෂය විසින් යම් වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනි බව කී අවස්ථාවේ, ඊටද අවධානය යොමුකල ආකාරයත්, ආණ්ඩු පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිතීපතිවරයාගේ අනුමැතිය සභාවට යොමු කිරීමත්, අදාල සංශෝධන පිළිබඳ ගැටලුවක් ඇත්නම් වහාම නිතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැදීසිටි කුටිය පෙන්වමින් අවශ්‍යනම් ඔවුන් හා සාකච්ඡා කිරීමටත් මා ප්‍රකාශ කල ආකාරය එම දර්ශන වල පටිගතව ඇත. අනතුරුව පනත තුන්වන වර කියවා සම්මත කල පසු නැවත විපක්ෂය විසින් ජන්දයක් ඉල්ලු ආකාරයත් පැහැදිලිව විඩියෝ පටවල අන්තර්ගතව ඇත. ශ්‍රේෂ්ඨාධිකරනය අධිකරන තීන්දුවට ප්‍රථම මෙම දර්ශන විමසා බලා ඇතිබව මට දැන ගැනීමට ඇත.


පාර්ලිමේන්තු පනතක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට, පිළිගැනිමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයෙකුට කිසිදු බලයක් ව්‍යවස්ථාවෙන් ලබා දී නැත. එය සම්පුර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු බලයක්ම  වන්නේය. කරුනු එසේ වුවද, මෙම පනත සම්මත විමෙන් පසු පනතේ වගන්ති ව්‍යස්ථාව උල්ලංඝනය නොවන ආකාරයට කෙටුම්පත් කර ඇති බවට වන විශේෂ සහතිකයක්ද, මා නිතීපතිවරයාගෙන් ලබා ගත් අතර මා විසින් පනතට අත්සන් තබන ලද්දේ ඉන් අනතුරුවයි. එම ලිපියද ජනතාවගේ හා මධ්‍යවේදීන්ගේ දැනගැනීම සඳහා මා සභාගත කරමි.

එවන් සහතිකයක් ලද කල, පනතකට අත්සන් කිරීම ප්‍රමාද කිරීමට මා හට කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවෙන් සලසා නොමැති බවද අවධාරණය කරමි.

මෙම විශ්වාසභංග යෝජනාවට අදාල නොවුවත් මා වෙත එල්ල කරන තවත් චෝදනාවක්නම්, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධූරය මා විසින් ස්ථාවර නියෝග උල්ලංඝනය කොට ආණ්ඩු පක්ෂයට ලබාදුන් බවයි. මා නැවතත් සියලු ජනතාවගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනුයේ මෙකී කරුණට පදනම් වු 2020 අගෝස්තු මස 27 වන දින උදෑසන 9.30. – 10.30 අතර පාර්ලිමේන්තු විවාදයට අදාල පටිගත කල දර්ශන නරඹන ලෙසයි. මෙම පත්කිරීම සම්බන්ධයෙන් 2020 ඔක්තෝම්බර් මස 23 වන දින ස්ථාවර නියෝග අත්හිටුවිමේ යෝජනාවක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ආණ්ඩු පක්ෂය විසින් සම්මත කරගන්නා ලදී. එම විවාදයට අදාල උදෑසන 10.00. – 11.00 අතර පාර්ලිමේන්තු විවාදයේ දර්ශන ද නරඹන ලෙස මා ඉල්ලා සිටිමි.


එහිදී එම යෝජනාවට පක්ෂව ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු 87 ක් ද, ඊට විරුද්ධව විපක්ෂයෙන් මන්ත්‍රීවරු 17 දෙනෙක් පමනක් ද, ජන්දය ප්‍රකාශ කරන ලදි. එම තනතුර ස්ථාවර නියෝග ප්‍රකාරව විපක්ෂයට හිමිවිය යුතු වුවද  පාර්ලිමේන්තු බහුතර ජන්දයකින් ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කිරීමට ගත් තීරණය බල රහිත කිරීමට කථානායකවරයා ලෙස මා හට කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවෙන් හෝ ස්ථාවර නියෝග වලින් ලබාදී නොමැත. එසේම එම යෝජනාව හදිසියේ ගෙන ආ යෝජනාවක් නොව්, පර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේ සකච්ඡා කොට විපක්ෂයේද අනුදැනුම ඇතුව, කල්වෙලාසනින් න්‍යායපුස්තකයට ඇතුලත් කල බව ද දන්වනු කැමත්තෙමි. අවම වශයෙන් විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ ජන්දයවත් ඊට විරුද්ධව ලබා ගැනීමට අපොහොසත් වු කල, විපක්ෂය විසින් එම වරදද කථානායකවරයා මත පැටවීම හාස්‍යජනකය.

මා වැලිගම සංවර්ධන කමිටු සභාපතිධූරය දරන බවට කරන චෝදනාවද අර්ධ සත්‍යකි. මා වැලිගම, වැලිපිටිය, මුලටියන හා තිහගොඩ යන ප්‍රාදේශිය ලේකම් කාර්යාල හතරේම සභාපති වරයා වන අතර, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ද සාමාජිකයෙමි. සංවර්ධන කමිටු යනු ප්‍රදේශයේ, මාර්ග, වාරිමාර්ග, යටිතල පහසුකම් හා සුභසාධන කාර්යයන් සලසන යාන්ත්‍රණය වේ. මා කුමන තනතුරේ කටයුතු කල ද, මා හට ජන්දය දුන් ජනතාව කිසිදිනෙක අමතක කර නැත. ඔවුන්ට ඉටුවිය යුතු යුතුකම් මා සෑම විටම ඉටුකොට ඇති අතර, එය ජන්දය දිනූ පසු ජනතාවගෙන් ඈත්වන දේශපාලකයන්ට අරුමයක් උවද, එය මාගෙ සමාන්‍ය භාවිතාවයි. එය කිසිසේත් දේශපාලනයක් නොවන බව මා දන්වනු කැමත්තෙමි.


කථානායකවරයා යනු මහජනතාවගේ ඈත්කර තැබිය යුතු චරිතයක් යැයි මා නොසිතමි. මා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීදූරය දරණා අවසාන දිනය දක්වාම මෙම සේවය මගෙන් ඉටුවනු ඇත. පසුගිය දුෂ්කර කාලවකවනුවේ වුවද, මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය හා ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් මා හට කල හැකි වූ සේවය ගැන මා නිහතමානීව සතුටු වෙමි.

මාතර දිස්ත්‍රික් ජනතාවට පමනක් නොව, රටෙ ජනතාව හා ශ්‍රී ලංකා ජනරජයේ යහපැවැත්ම වෙනුවෙන් මා හට කල හැකි උපරිම සේවාවන් මා දැරූ අමාත්‍යංශ තුලින් හා කථානායකවරයා ලෙස මා ඉටුකොට ඇත.

කථානායකවරයෙකු ලෙස මාගේ සෘජු වගකීම් වලට වැඩිමනත් වශයෙන් මා කටයුතු කර ඇති ආකාරය හා ඒ සම්බන්ධව මා කල ඇති යෝජනා, මහජනතාවගේ හා මාධ්‍යවේදීන්ගේ  දැනගැනීම සදහා මා සභාගත කරමි. ඉන් සමහරක් යෝජනා දැනටමත් ක්‍රියාත්මක කර තිබීම සම්බන්ධයෙන් මා පෞද්ගලිකව සතුටු වෙමි.

මාගේ වර්තමාන දේශපාලන භාවිතය මෙසේ පවසන අතරම මාගේ අතීත දේශපාලනයේදීද මා කටයුතු කලේ කිසිදු වෙනසකින් තොරවයි.

1987 වර්ෂයේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන ලද්දේ උතුර මෙන්ම දකුණද ගිනි ගැනීමට ඉතා ආසන්නව තිබු අවස්ථාවකයි. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙකී පනත ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්විමේදී ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මා ඊට දැඩි ලෙස විරුද්ධ විය. එදා මා ගත් ස්ථාවරය මත සිටි ගාමිණි ජයසූරිය හා චන්ද්‍රකුමාර විජේගුණවර්ධන යන මැතිතුමන්ලා ද එදා මෙම ගරු සභාවේදී පනතට විරුද්ධව ජන්දය භාවිතා කරමින් අපගේ මන්ත්‍රීධූරයන්ද දැන දැනම අහිමි කර ගත්තෙමු.

එදා 1987 වසරේදී මට මුහුණ දීමට සිදුවූයේ  සාහසික දේශපාලන ප්‍රචණ්ඩත්වයේ  අතිශය කර්කෂ අත්දැකීමකටය.  මා හට අයත් නිවස්නය, වාහනය ඇතුළු මහන්සියෙන්  ගොඩනඟාගත් සියල්ල  ප්‍රචණ්ඩකාරීහු විසින්  ගිනිබත් කරන ලදී. මට ද මගේ පවුලටද ඉතිරි වූයේ ඇඳිවත පමණි. අප හිතවත් අසල්වාසීන්  නොවන්නට එදා මටද අත්වනුයේ අති භයානක ඉරනමකි. මා සමඟ බිරිය අත දරුවකු සමග දරුවන් හතර ‍දෙනෙකු අතිශය අවාසනාවන්ත පරිදි මහමඟට ඇද දැමුවද, මම මගේ හෘද සාක්ෂිය මරා නොදැමූයෙමි. එමෙන්ම ඒ සියල්ල අතහැර සැහැල්ලු සිතින් මහ මගට වන් මට කථානායක ධූරය අතහැරිම මහා භාරධූර කටයුත්තක් නොවේ.

පසුව, 1993 දී මා දකුණු පළාත් සභාවේ  සභාපති ධූරය දරන අවස්ථාවේදී,  මහ ඇමති අමරසිරි දොඩංගොඩ ධුරයෙන් පහ කර  බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයේදීද, මා පෙනි සිටියේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පමණි. මෙබඳු පටු දේශපාලන කුමන්ත්‍රණවලින් අවසානයේ සිදුවන්නේ ,  දේශපාලන පක්ෂ බිදවැටීම සහ මහජනයා දේශපාලනයෙන් ඈත්වීම බව මගේ පෞද්ගලික කියවීමයි. එහෙයින්, එදා  පටන් වර්තමානය දක්වා මම ප්‍රතිපත්තියක් ලෙස කිසිදු  දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවකු නොවූයෙමි. ඉදිරියටත් එසේම සිදුවනු ඇත.

මා පෞද්ගලිකව සිතනා ආකාරයට , මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව  සහ හෘද සාක්ෂියට අවංකව කටයුතු කිරීමේදී  මෑතකදී  මුහුණ දුන් අභියෝගාත්මකම සිදුවීම වූයේ 2022 වසරේ උද්ගත වූ අර්බුදකාරී අරගල තත්වයයි.

වි‌ශේෂයෙන් අපේ තරුණ පරපුර ඇතුළු  ඔබ සියලු දෙනාට  පසුගිය 2022 වසරේ දී මෙරට කථානායකවරයා ලෙස මා සංකීර්ණ අභියෝග රැසකට මුහුණ දුන් ආකාරය අමතක නැතැයි සිතමි. පුරවැසියන් තමන්ට දරාගත නොහැකි දුෂ්කර සමාජ- ආර්ථික- තත්ත්වයන් නිසා  නැවත වරක් අරගලයක් දක්වා ගමන් කළ අතර  රට අරාජිකත්වයට පත්වුණු මොහොතකදී මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමින් කථානායකවරයා ලෙස අපේ පාර්ලිමේන්තුව  ආරක්ෂා කරගැනීමට දිවි හිමියෙන් කැප වුණෙමි.

කරුණු එසේ තිබියදී ඉකුත් අරගල සමයේ මා හට විටින් විට දුරකථන ඇමතුම් ලබා දෙමින් ව්‍යවස්ථාව උල්ලංගණය කොට හෝ මාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටුවීමට බලපෑම් කල අයද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබීම මට පුදුමය ගෙන දෙන්නකි.

වගකිවයුතු කථානායකවරයකු ලෙස මෙතුවක් කල් නිහඩව සිට රටේ මහජනතාව වෙත අනාවරණය නොකළ සිද්ධියක් අද මා ඔබට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

රාජ්‍ය විරෝධි හා ව්‍යවස්ථා විරෝධි ලෙස ඉකුත් අරගල සමයේ රජයක් පිහිට වීමට බලපැම් කරන ලද පිරිස අතර විවිධ ශක්තිමත් බලවේග තිබුනු බවට මා සඳහන් කරන්නේ ඉතාමත් කනස්සල්ලෙනි. ඔවුන් අතර සිටි සමහර අයගේ අරමුණ වුයේ උද්ගතව ඇති ගැටලුව සමනය කිරීම හෝ රට ආරක්ෂා කිරීම නොව මා හරහා නීතී විරෝධි රජයක් පිහිටුවා අප රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් කිරීමේ කුඨ උපායයි.

එහි ප්‍රතිඵලය වූයේ  මෙරට ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවේදී ජනාධීපති ධූරය සඳහා මට ආරාධනා ලැබීමයි.  එනමුත්,එදා  පවා මා කළේ  දේශීය  වශයෙන් ලැබුණු ඇරයුම් පමණක්  නොව  විදේශීය වශයෙන් ලද ඇරයුම් ද එකහෙළා ප්‍රතික්ෂේප කරමින්  උත්තරීතර වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා  කිරීමට හදවතට එකඟව මට තිබුණු තදබල අවශ්‍යතාවය සියල්ලන්ටම කාරුණිකව අවධාරණය කිරීමයි.

මාගේ මතය වෙනස් කිරීමට නොහැකි වු කල ප්‍රචණ්ඩ වු සමහරුන් මාගේ නිවස වටකොට මාගේ ජිවිතයද අනතුරේ හෙලනා බවට තර්ජනය කිරීමට පවා සහසික වුහ. ඔවුන් අතරේ ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා මෙන්ම වෙනත් ආගමික නායකයන්ද සිටිම ගැන මා අදද අවංකවම කම්පා වෙමි.

මෙකී තර්ජන මැද මා ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මා වෙත බලය ලබා දීමේ ක්‍රියාවලිය ගැන අදහස් විමසා සිටියේය. රජයේ අතවශ්‍ය කටයුතු ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරයෙක්ද, කැබිනට් මණ්ඩලයක්ද, ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරුණු බලයක් ද, නොමැතිව කටයුතු කිරිමට නොහැකිව, මාසයක් තුල නව ජනාධිපතිවරයෙක්ද පත් කර ගැනීමට නොහැකි වුවහොත්, සමස්ථ රටම නීතීයක් නොමැතිව පාලනය කිරීමට නොහැකිව තැන තැන කුඩා කල්ලි කණ්ඩායම් ප්‍රාදේශීය පරිපාලනය අතට ගන්නා තැනට රට පත්විය හැකි අවධානම මා හොඳින් දැන සිටියෙමි.

ජූලී 13 වන දින අවසාන පක්ශ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්දිරය අවට තිබූ අවදානම් තත්වය හා ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව විනාශ කිරීමට ඉතා ආසන්නයට පැමිණිය හෙයින්  පක්ෂ නායකයන් එම භූමියෙන් කඩිනමින් ඉවත් වූවත් මා පමණක් මේ ගොඩනැගිල්ල තුල අවසන් මොහොත දක්වා රැදි සිටියෙමි. රටේ ජනතාවගේ වාසනාවට එය වලක්වා මහා විනාශයක් නවත්වා ගැනීමට මා හට හැකිවිණි.

ලාංකිය ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම අදුරු පරිජේදයේදී මාගේ එකම අධිෂ්ඨානය වුයේ අප රටේ ව්‍යවස්ථව හා රාජ්‍යය කෙසේ හෝ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කොට පවත්වාගෙන යාමයි. ඒ අර්බුදකාරී අවස්තාවේදී පාර්ලිමේන්තු මහලේකම්තුමා ප්‍රමුඛ කාර්යමණ්ඩලය හා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දුන් යහයෝගය මට අමතකකල නොහැක. තව මොහතකින් ගිනිතබා විනාශ කිරීමේ අවධානමක් හමුවේ ගතයුතු ප්‍රධාන පියවර වුයේ සෙන්කෝලය ආරක්ෂා කිරීමයි. එම නිසා අවශ්‍ය වුවහොත් එය ඉක්මනින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු සුදානම් කර තිබුනි. වේතධාරි තුමාගෙද, මහලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ හා පොලිස් නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශවල ජීවිත අවධානම ගැනවත් නොසලකා එම අවස්ථාවේ ඔවුන් කටයුතු කලබව සඳහන් කරනුයේ ඉතාමත් සංවේදීවය. මේලෙස  රාජ්‍ය අකර්මන්‍ය කිරීමට තිබු සැලැස්ම මාගේ නොවෙනස් වන ස්ථාවරය හමුවේ අරාජිකත්වයේ අදුරු වලාවන් වියර්ථවී ගිය බවද දන්වනු කැමැත්තෙමි.

එසේ නොවන්නට අද විශ්වාසභංගයක් ගෙන ඒමට ඔබද, ඊට මුහුණ දීමට මමද, ඉදිරිපත් කිරීමට මෙම පාර්ලිමේන්තුවද, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයද  නොතිබීමට ඇති ඉඩ කඩ ගැන අවධාරණය කරමි. අප පසුකලේ එවන් අවධානම් කාල වකවානුවක් බව මා වැඩි දුරටත් සිහිපත් කරමි.

එසේම රටක, ගිණි තැබීම්, මිනී මැරීම් හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපල විනාශ කිරීමට දායක වුනු කිසිවෙක් එම රට නැවත ගොඩ නැගීමට කටයුතු කල බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නොමැති බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුය.

ඔබ ඒකමතිකව මා කථානායක ධූරයට පත්කළ දින සිට  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ  පැවැත්ම වෙනුවෙන්  මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන්  හා හෘද සාක්ෂියට එකඟව කටයුතු කර ඇත්තෙමි. මාගේ දේශපාලන පක්ෂය මෙරටේ ජනතාවයි. මා කථානායකවරයා ලෙස 2/3 ක ජනවරමකින් පත්ව ආ පාර්ලිමේන්තුවේ  කාල කළමනාකරණයේදී  එතෙක් පැමිණි සම්ප්‍රදාය වන  ආණ්ඩු පක්ෂයට 80%ක් සහ විපක්ෂයට 20% ක් යන්න වෙනස් කර , 2020 සිට විපක්ෂයට අමතර 20%ක් – එනම් 40%ක කාලයක්  අතිරේකව ලබාදුනිමි. එලෙස තම නියෝජිත ප්‍රතිශතයටවත්  වඩා කාලය ලබා දුන් වෙනත් පාර්ලිමේන්තුවක් ලොව ඇත්දැයි  මම නොදනිමි. ආණ්ඩු පක්ෂයෙන් ආ විරෝධතා පවා මැඩගනිමින්  එදා මා ඒ තීරණය  ගත්තේ, ශ්‍රී ලංකා ජනරජයේ යහ-පැවැත්මට  අත්‍යවශ්‍ය, ශක්තිමත් ආණ්ඩුවක් ඇති විට එ සඳහා විපක්ෂයේ කාර්යභාරයෙන් යහපතක් වනු ඇතැයි යන විශ්වාසයෙනි.

එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩි පුර වෙන් වූ කාලය ඔවුන් අතර සාධාරණ ලෙස බෙදි නොයන බවත් විපක්ශයේම නායකයින් කිහිප දෙනෙකු

රිසි සේ එම කාලය භාවිතා කරන බවට එම මන්ත්‍රීවරුන්ම මාගේ නිල කාමරයට පැමිණ නිතර පැමිණිලි කරයි. එවැන් අවස්ථාවල එම මන්ත්‍රීවරුන්ට ද විශේෂ කාල අවස්ථාවන් මා විසින් ලබා දුන් බවට සිහි පත් කරමි.

එහිදී මා අවධානය යොමු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග ප්‍රකාරව යමින් පුරවැසියන් විසින් පාර්ලිමේන්තුව කෙරෙහි පළ කළා වූ අපිරිමිත මහජන විශ්වාසය අඛණ්ඩව සුරැකීමයි. ඒ නමුත් දිනපතා අනවශ්‍ය රීති ප්‍රශ්න මතු කිරීම් හා මාතෘකාවට අදාළ නොවන  ප්‍රකාශ නිසා සිදු වන්නේ පාර්ලිමේන්තුවේ වැදගත්කම කෙළෙසී යාමයි.  යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා  සදාචාරාත්මක ලෙස පාලනය කිරීමේදී කථානායකවරයා ලෙස මා හටද සීමාවන් තිබේ.

ඇතැමුන්  මා මෙම තීරණය ගත්තේ  රටේ විධායකයේ ප්‍රධානියා විසින් මා වෙත කරන ලද බලපෑම් හමුවේ බව  නිරන්තරයෙන්  චෝදනා කරනු මම  දැක ඇත්තෙමි. අතිගරු ජනාධිපතිතුමන් මාගේ දීර්ඝකාලීන මිතුරෙක් බව සැබෑවකි.

එනමුත් 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරභයා අප දෙදෙනා දැරුවේ සපුරා වෙනස් ස්ථාවරයන් දෙකකි. රනිල් වික්‍රමසිංහ මහතා මාගේ මිතුරෙකු වුවද අප එක්ව රට වෙනුවෙන් යම් වැඩ කොටසක් ඉෂ්ඨ කළද, ඔහු රටේ විධායකය ලෙස පත්වූ පසු ව්‍යවස්ථාදායකයේ මුලසුන දරන මා වෙත කුමන අවස්ථාවකදීවත් බලපෑම් එල්ල නොකළ බව සිහිපත් කරනුයේ එතුමාට ගෞරවයක් වශයෙනි. ඒ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු සියලු දෙනාම, පසුගිය වසර 40 පුරා  මහින්ද යාපා අබේවර්ධන නම් පුද්ගලයා ප්‍රතිපත්ති මත මිස කිසිවකුගේ  හෝ දේශපාලන අතකොලුවක් නොවූ බව මැනවින් වටහාගත් නිසා යැයි මා විශ්වාස කරමි.

එනමුත්, මගේ කනස්සල්ලට  එකම හේතුව, බදු බරින් හා ජීවන බරින් පීඩා විඳින පුරවැසියන්ගේ අභිලාෂ මුදුන් පැමිණවීම සඳහා තෝරාපත් කරගත් නියෝජිතයන් විසින් අතිශය වැදගත් පාර්ලිමේන්තු රැස්වීම් දින තුනකට වැය කරන මිලියන 45 කට ආසන්න පිරිවැය නිකරුණේ මෙම විශ්වාසභංගයට යට කිරීමයි. එය අප වැනි රටකට කොහෙත්ම දැරිය හැක්කක් නොවේ.

එසේම මෙම විශ්වාසභංගයට අත්සන් කල ඇතැම් මන්ත්‍රීවරුද පෞද්ගලිකව පැමිණ ඔවුන්ගේ අත්සන යෙදීමට සිදුවීම ගැන මා වෙත කනගාටුව ප්‍රකාශ කල බවද දන්වමි. මා ගැන හොදින් දන්නා විපක්ශයේ ජේශ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අත්සන් කිරීමෙන් මෙන්ම කතා පැවත්වීමෙන්ද වැලකී ඇතිබව මා සඳහන් කරන්නේ ඔවුනට ගෞරවක් වශයෙනි.

කෙනෙකු ජීවත්ව සිටින කාලයතුලම තමන්ගේ හොද හෝ නරක ඇසීමට ලැබීම විරල භාග්‍යක් ලෙස මා සලකමි. පාර්ලිමේන්තුවේ සිටින 225 ම සොරුන් යැයි චෝදනා කරන යුගයක පක්ෂ විපක්ෂ ඔබ කිසිවෙක් මෙම විවාදයේදී මා වෙත එවැනි චෝදනාවක් එල්ල නොකිරීම මාගේ දශක 4 කට අධික දේශපාලන දිවියේ මා ලද විශාලම ගෞරවය ලෙස සලකමි. එසේම එවැනි තවත් මන්ත්‍රීවරුන් මෙම පාර්ලිමේන්තුවේ ඇතිබව ජනතාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මෙවන් ගෞරවනීය දේශපාලන ගමනක යෙදීමට මා හට ආශීර්වාදයක් වුන මාගේ මියගිය දෙමාපියන්, ගුරුවරුන්, බිරිද, දරුනන්, සහෝදර සහෝදරියන්, ඥාතී හිත මිතුරන්, රාජ්‍ය නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් ජනතාව වෙත මාගේ හෘදයාන්ගම ස්තූතිය පිරිනමනු කැමැත්තෙමි. මම ඉදිරියටත් ඔබ සියලුදෙනා මා වෙත තැබු එම විශ්වාසය සුරකින බව ප්‍රකාශ කරමි.

අවසාන වශයෙන් මට සහාය දුන් සැමටත්, මා නිර්ධය ලෙස විවේචනය කළ සැමටත් , මා සදාකල්හිම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව මගේ කථානායක කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘත ඇති බව දන්වනු කැමැත්තෙමි.

ස්තූතියි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka