gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ප්‍රචාරක වැඩක් බොරුවක් බව ආරම්භයේදීම තහවුරු වෙයි!

මූල්‍ය ආයතන ආරක්ෂා කරමින් එම ආයතනවලින් ණය ලබා ගෙන තිබෙන ව්‍යවසායකයන් ද ආරක්ෂා කිරීමේ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් වෙනුවට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරය මුලුමනින්ම අසත්‍යයක් බවට තහවුරු වී තිබේ.

මේ වනවිට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දෙලක්ෂයකට වැඩි පිරිසකගේ ආයතන මුළුමනින්ම වසා ඇති බව හෙළිවී තිබේ. එවැනි තත්වයක් තුළ ණය ගෙවා ගත නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ පරාටේ නීතිය යටතේ බැංකු ඇතුළු මූල්‍ය ආයතන මගින් අත්පත් කර ගැනීමට කටයුතු කර තිබිණි.

මෙසේ අත්පත් කර ගැනීම් නවත්වා සහන සලසන ලෙස එම ව්‍යවසායකයන් දිගින් දිගටම ආණ්ඩුවට බලපෑම් කිරීම හමුවේ මැතිවරණ ප්‍රචාරක අංගයක් ලෙස ආණ්ඩුව එය යොදා ගනු ලැබීය. පසුගිය පෙබරවාරි මස කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බව ආණ්ඩුව විශාල ප්‍රචාරයක් දියත් කර තිබිණි.

එහෙත්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත් ම අත්හිටුවීමට ක්‍රියා නොකරන බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය අවධාරණය කර තිබේ.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇත. එම නිවේදනයෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දෝෂ දර්ශනයට ලක් කරමින් කැබිනට් මණ්ඩලය පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අත්හිටුවීමේ තීරණය ඒක පාර්ශවිකව ගෙන ඇති බව පෙන්වා දී තිබේ. ආණ්ඩුව මූල්‍ය ආයතන සමඟ කිසිදු සාකච්ඡාවක් නොකොට මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇති අතර ශ්‍රී ලංකා බැංකු සංගමය ද මෙම නිවේදනයේ කරුණු අනුමත කර තිබේ.

රනිල්ගේ ප්‍රචාරය සම්බන්ධයෙන් දිනමිණ පළ කර තිබූ ප්‍රවෘත්තිය

සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට හුස්ම ගන්න අව­ස්ථා­වක්

පරාටේ නීතිය අත්හි­ටු­වීම­ ගැන ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රසාදය

සහන ලබා ගන්න ව්‍යව­සා­යක කර්මා­න්ත­ක­රු­වන්ට අව­ස්ථාව උදා කර දිය යුතුයි

පසු­ගිය වසර තුනක කාල­යක සිට පව­තින ආර්ථික පසු­බෑම හේතු­වෙන් අඩ­ප­ණවූ සුළු හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත සහ ව්‍යව­සා­ය­ක­යන්ට යළි හුස්ම ගැනී­මට ලැබුණු අගනා අව­ස්ථා­වක් ලෙස පරාටේ නීතිය ක්‍රියා­ත්මක කිරීම දෙසැ­ම්බර් 15 වැනිදා දක්වා අත්හි­ටු­වී­මට රජය ගත් තීර­ණය හැඳි­න්විය හැකි බව මෙරට ප්‍රධා­න­තම සුළු හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන්ගේ එක­මු­තුවේ ජාතික සංවි­ධා­යක එස්.එන්. රාගු­වන් මහතා ප්‍රකාශ කළේය.

කොළඹ අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ ශ්‍රව­ණා­ගා­රයේ ඊයේ (28) දහ­වල් පැවැති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ජාතික සංවි­ධා­ය­ක­ව­රයා එසේ පැව­සීය.

පරාටේ නීතිය ක්‍රියා­ත්මක කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වීම තම එක­මු­තුව ඇතුළු අප රටේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරි­මාණ පම­ණක් නොව මහා පරි­මාණ වුව කර්මාන්ත සහ ව්‍යාව­සා­ය­ක­යන්ගේ ජය­ග්‍ර­හ­ණ­යක් වන බව ද ඔහු කීය.

පරාටේ නීතිය ක්‍රියාත්ම කිරීම මාස දහ­ය­කින් අත්හි­ටු­වීම සමඟ බිඳ­වැ­ටුණු කර්මා­න්ත­ව­ලට නැවත නැඟි­ටී­මට ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කර ගැනීමේ විධි­මත් යන්ත්‍ර­ණ­යක් සකස් කළ යුතු යැයි ජාතික සංවි­ධා­ය­ක­ව­රයා පෙන්වා දුන්නේය.

එස්.එන්. රාගු­වන් මහතා එහිදී මෙසේද සඳ­හන් කළේය.

“ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මුදල් ඇමැ­ති­ව­රයා ලෙස කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ මෙම යෝජ­නාව සම්මත වීම දැන් සිදු වී තිබෙ­නවා. එළඹ තිබෙන්නේ එම සහ­නය අප එක­මු­තුවේ සාමා­ජි­ක­යන් ඇතුළු සියලු රට­වැසි ව්‍යව­සා­යක සහ කර්මා­න්ත­ක­රු­වන්ට ලබා ගැනී­මට අව­ස්ථාව උදා කිරී­මයි.

මෙහිදී අධි­ක­රණ අමා­ත්‍යාං­ශ­යට සුවි­ශාල කාර්ය­භා­ර­යක් පැවරී තිබෙ­නවා. එම කාර්ය­භා­රය අප සමඟ එක­තුව අධි­ක­රණ ඇමැති ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ඉටු කරන බව අපට විශ්වා­සයි.

මීට දින හැට­ප­හ­කට පෙර කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහ­තාත් අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාත් සහ­භාගි කර­වා­ගෙන බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී අප එක­මු­තුවේ විශාල දැනු­වත් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළා.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අපගේ හඬ ඇමැති මණ්ඩ­ලය දක්වා ගෙන ගොස් අද වන විට තීර­ණා­ත්මක ජය­ග්‍රාහී මාව­ත­කට පැමිණ තිබෙ­නවා. මෙය ආර­ම්භය පම­ණයි. මින් ඔබ්බට බිඳ වැටුණු ව්‍යාපාර සහ කර්මා­න්ත­ක­රු­වන්ට යළි නැඟී සිටී­මට අවශ්‍ය සහන ලබා ගැනීම පිළි­බ­ඳ­වයි අපේ අව­ධා­නය යොමු වන්නේ.”

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන්ගේ වාණිජ මණ්ඩ­ලයේ උප සභා­ප­තිනී ශෂිකා ද සිල්වා මහ­ත්මිය,

“බිඳ­වැ­ටුණු ව්‍යාපාර නැවත ගොඩ­නැ­ඟීම යනු ශ්‍රී ලංකා ආර්ථි­කය ශක්ති­මත් කිරීමේ අඩි­තා­ලම දැමී­මක්. මේ වන විට ඒ සඳහා මුල් පිය­වර තබා තිබෙ­නවා. අපේ කර්මාන්ත එක­මු­තුවේ සාමා­ජි­ක­යන් කිසි­වකු හිතා­ම­තාම බැංකු ණය පැහැර හැරී­මට කට­යුතු කර නැහැ. රටේ ඇතිවූ අපට පාල­නය කළ නොහැකි කරුණු නිසා ආර්ථි­කය බිඳ වැටුණා. ඉන් අපට පීඩා­වට පත්වී­මට සිදු වුණා. දැන් අව­ස්ථා­වක් ලැබී තිබෙ­නවා. යළි නැඟී සිටී­මට අප ශක්ති­මත් විය යුතුයි. අප වාගේම ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධි­ප­ති­ව­රයා, මුදල් මණ්ඩ­ලය වාගේම රටේ සියලු බැංකු හා මූල්‍ය ආය­තන ප්‍රධා­නීන් සියලු දෙනා එක්ව විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් හරහා යළි නැඟී සිටී­මට කට­යුතු කළ යුතුයි. අප කිසි­ව­කු­ටත් චෝදනා නඟ­මින් සිටි­යාට වැඩක් වන්නේ නැහැ. අප සියලු දෙනා එක­මු­තුව කට­යුතු කළොත් අප­ටත් රට­ටත් ආර්ථික වශ­යෙන් යළි නැඟී සිටී­මට හැකි වෙනවා. ඒ අනුව අප කට­යුතු කරමු.“

මෙම අව­ස්ථා­වට සුළු හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත සහ ව්‍යාව­සා­යක ප්‍රජාව නියෝ­ජ­නය කර­මින් පරාටේ නීතිය යටතේ පීඩා­වට පත්වූ පිරිස් සහ­භාගි වී සිටි අතර, කිහි­ප­දෙ­නෙක් මෙහිදී අද­හස් දැක්වූහ.

- lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka