gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප්‍රේල් මාසයෙන් පසු මහ මැතිවරණය... රාජපක්ෂ පවුලෙන් විශේෂ ප්‍රකාශයක්!

එළඹෙන අප්‍රේල් මස සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග සදහන් කරයි. විවිධ වරප්‍රසාද හේතුවෙන් ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රකාශ කළද එය පොදුජන පෙරමුණේ ගම් මට්ටමේ මතය නොවන බව උදයංග වීරතුංග සදහන් කරයි.

බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බවත් එඑළඹෙන මහ මැතිවරණයෙන් පොහොට්ටුව බහුතරය දිනාගන්නා බවද උදයංග වීරතුංග සදහන් කරයි.

හිටපු තානාපති උදයංග වීරතුංග තවදුරටත් සදහන් කළේ,

” කැට තියලා කියනවා සිංහල අවුරුද්ද ඉවර වුණාට පස්සේ, මහ මැතිවරණයකට දින නියම වෙනවා. මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි. අද බැසිල් මහත්තයා සුදානම් නායකත්වය දෙන්න අපේ පෙරමුණට.

ඒක පිළිගන්න අය ආවේ. මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක් නේ. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි.

ඔය ප්‍රකාශයකයෝ පත්කරත් ඔයිට වඩා ලැබෙනවා. ඇමතිකම බේරගන්න, යම්කිසි තනතුරක් ලබාගන්න උඩ දාලා ගත්තට ගමේ ජනතාවගේ දැක්මක් තියෙනවා. පොහොට්ටුවේ නායකයා කරන්නේ ඒ ඉල්ලීම.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka