gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයාසිරි නැවත ශ්‍රීලනිපයට; වෙල්ගම පොහො‍ට්ටුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වන ලෙසට දන්වා ඇතැයි වාර්තා වේ. පසුගිය බදාදා දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසට කැඳවා මෙම ආරාධනය කර ඇත.

එලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය බාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගන්නා බවට මෛත්‍රීපාල මහතා පවසා තිබේ.

එහෙත් දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහ ලේකම් ධූරය හැර වෙනත් ධූරයක් බාරගැනීමට තමන් සූදානම් නැති බව සභාපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පක්ෂයේ මහ ලේකම් ධූරයට දුෂ්‍මන්ත මිත්‍රපාල මහතා පත්කර ඇති නිසා ඔහුව එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බවය.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධූරය හැර වෙනත් තනතුරක් බාර නොගන්නා බව දයාසිරි ජයසේකර මහතා දැනුම් දී ඇති බවද පැවසේ.

වෙල්ගම පොහොට්ටුවට….

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී ඇතැයි වාර්තා වේ.

වෙල්ගම මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා කතාබහක නිරතව පක්ෂයට නැවත එකතුවීමට කැමැත්ත පලකර  ඇති බවද පැවසේ.

එසේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මතුගමදී පැවැත්වෙන පොහොට්ටු රැස්වීමක වේදිකාවකට හිටපු ජනාධිපතිවරයා සමග නැග යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන කටයුතු කිරීමට ද ඔහු එහිදී එකඟව ඇති බව වාර්තා වේ.

ශ්‍රීලනිපයට එක්වීමට පෙර පොහොට්ටුවේ ප්‍රබලයෙක් වූ වෙල්ගම මහතා එම පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමත් සමඟ එම පක්ෂයෙන් ඉවත් විය.

පසුව වෙල්ගම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය දරන සමගි ජන බලවේගයට එක්වී කළුතරින් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරීපත් විය.

සමගි ජන බලවේගයද එපා වී වෙල්ගම මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදෙස් පරිදි නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ද බිහිකළේය.

වෙල්ගම එම පක්ෂය බිහිකළේ හිටපු ජනපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතංග දේශපාලනයට ගෙනඒමේ අදහසින් බවද පැවසේ.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka