රාජපක්‍ෂලා ටික කලකට සියළු තනතුරු අතහැරිය යුතුයි..- චමල්
රාජපක්ෂවරුන් ටික කාලයකට පක්ෂයේ තනතුරු අතහැර දැමිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අමතමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේදී මෙම හමුව පැවැත්වින.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළ අවස්ථාවේදී චමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබින.
කෙසේ වෙතත් ඔහුගේ අදහස නොතකමින් නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායත ලෙස පත් කිරීමට විධායක කමිටුව තීරණය කර තිබින.
රාජපක්‍ෂලා ටික කලකට සියළු තනතුරු අතහැරිය යුතුයි..- චමල්
2024-03-31T10:50:00+05:30
Gossip Lanka Hot News





