gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පලමුව ජනාධිපතිවරණයයි... අපේක්‍ෂක මමයි - රනිල්, බැසිල්ට කෙලින්ම කියයි

ඉදිරි මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබේ.

මහමැතිවරණයක් මුලින් පවත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම සඳහා මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණක් වී ඇතැයි ද වාර්තා වෙයි.

එහිදී ජනාධිපතිවරයා සෘජුවම සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පළමුව ජනාධිපතිවරණය පවත්වන බවත් එහිදී තම සන්ධානයේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගැන නැති බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් පවසා ඇත.

කෙසේ නමුත් රට ගැන සේම පක්ෂයේ දේශපාලනය ගැන සිතන්නේ නම් පළමුව පැවැත්විය යුත්තේ මහ මැතිවරණයක් බවද බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් පෙන්වා දී ඇත.

නමුත් ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිවරණයක් බවත් වැටී වැටී තිබුණු රට තමන් භාර ගත් බවත් ජනතාව තමන්ට පිටුපානු ඇතැයි තමන් නොසිතන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka