gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉහළ පොලිස් නිලධාරීන්ට නිරුවත පෙන්වා ඔවුන්ගේ නිරුවත් වීඩියෝ ගෙන්වාගෙන පොලිසියෙන් කප්පම් ඉල්ලන කාන්තාවක් අත් අඩංගුවට…

පසුගිය ඔක්තොම්බර් මස 21 වැනිදා  සිය නිල නිවසේ දී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මිය ගිය ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ  මරණය ඇතුලු    ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවට සැක කෙරෙන තිස්පස් හැවිරිදි කාන්තාවක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම කාන්තාව සිදුකර ඇත්තේ  තමන්ගෙන් කප්පම් ඉල්ලා සිටින අපරාධකරුවෙකුගේ ප්‍රකාශයක් බව හැඟෙන ආකාරයට තමන්ගේම වෙනත් දුරකථනයකින් ලිපියක් සකස් කර එය තමන් භාවිතා කරන දුරකථනයට යොමු කරගෙන    පොලිස් ස්ථාන වෙත ගොස් සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමය.

අනතුරුව පරීක්ෂණය සම්බන්ධ කතා කරන මුවාවෙන් පොලිසියේ උසස් නිලධාරීන්ගේ අනුකම්ව සමගින්  අයථා සම්බන්ධයක් ඇති කරගෙන ඇය ඔවුන් සමග පෞද්ගලික වීඩියෝ සංවාද ද පවත්වා තිබේ.

ඒ අතර තමන් නිරුවත දක්වන අතර එම නිලධාරින්ගේ  ද  කැමරාව ඉදිරිපිට නිරුවත් කර ඔවුන්ගේ එම නිරුවත් වීඩියෝ සැලසුම් සගත ලෙස පටිගත කරනා ඇය ඉන් අනතුරුව එම නිලධාරීන්ගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීම කරගෙන ගොස් ඇත.  මේ ආකාරයෙන් පොලිසියේ ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයින්ගෙන් ඇය මේ ආකාරයෙන් කප්පම් ලබාගැනීම සිදුකර තිබේ.

මේ අතර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගේ විද්‍යුත් තැපෑල්ලට ද  ඇය මේ ආකාරයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  කර ඇත්තේ පැමිණිලිල් සම්බන්ධව පුද්ගලිකව මැදිහත් නොවී   ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාසය යොදවා විමර්ශනයක් ආරම්භ කිරීමය.

රාජ්‍ය බුද්ධි කොට්ඨාසය කළ විමර්ශනයේ  දී තහවුරු  වී ඇත්තේ    මෙම කාන්තාව    ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය. පසුව සිදුකළ පොලිස් විමර්ශන වලින් මෙම කාන්තාවගේ  අපරාධ ඉතිහාසය හෙළි වී ඇති අතර මීට සියදිවි නසාගත් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුකරථනයට අවසාන මොහොතේ ලැබී ඇත්තේ මෙම කාන්තාවගේ දුරකථන ඇමතුමක් බවත් ඇය මේ ආකාරයෙන්ම ඇහැලියගොඩ පොලිසියට කම්පම් සිද්ධියක් සම්බන්ද පැමිණිල්ලක් කර ඇති බවත්ය.

එමෙන්ම මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ විද්‍යුත් ලිපිනයට යොමුකළ පැමිණිල්ලේ දී කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක්  සඳහන් කොට තිබුන ද  එය ව්‍යාජ එකක් බව  බුද්ධි නිලධාරීන් තහවුරු කරගෙන ඇත.

පසුව ඒ පිළිබඳව පරීක්ෂණ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ.  අනතුරුව ඇයගේ ජංගම දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකර කැකිරාව තලාව ප්‍රදේශයේ දී ඇය අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ   අධීක්ෂණය මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක  ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සරෝජනී, උප පොලිස් පරීක්ෂක රත්නායක, උප පොලිස් පරීක්ෂක ලාල්   වැඩිදුර විමර්ශන සිදුකරයි .
-ඉඳුනිල් කහටපිටිය
-lankasara

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka