සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද ප්‍රකාශ කළේ, තමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඇසුරු කරන නමුත් එය වෙනත් ආකාරයක සම්බන්ධයක් බවයි.
“මාව දේශපාලනයට හඳුන්වාදුන්නේ රනිල්. ඒ නිසා මම ඔහුව ආශ්‍රය කරනවා,” සරත් ෆොන්සේකා ජනමාධ්‍යවේදීන් හමුවේ කියාසිටියේය.
“ජාතික ජන බලවේගයට සම්බන්ධ වීමට මගේ අදහසක් නැහැ. මගේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලනය අතර වෙනසක් තියෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.