gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොටකෙතන ඝාතකයාට මරණ දඬුුවම

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයාට මරණ දඬුවම ලබාදී තිබෙනවා. රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය එම නියෝගය (19) නිකුත් කර ඇති බව සඳහන්.

කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන නීල් ලක්ෂ්මන් නමැති චූදිතයාට මෙලෙස මරණ දඬුවම නියම කර තිබෙනවා.

අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රීය කර විත්තිකරුට මරණීය දඬුවම පැනවු විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු ඔහු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළා.

දාම ඝාතක අපරාධකරු මෙම විත්තිකරුම බවට 'ඩීඑන්ඒ' තාක්ෂණය යොදා ගනිමින් නීතිිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඔහුට මරණ නියම කළ විනිසුරුවරිය විත්තිකරුට මරණීය දඬුවම පමුනුවමින් තීන්දුවට අත්සන් කළ පෑනද කඩා දැමුවා.

පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකට ආසන්න කාලයක් අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූවා.

අධිකරණ ඉතිහාසයේ පළමු ‘දාම ඝාතන’ සිද්ධිය රත්නපුර කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වු අතර කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවීම හේතුවෙන් මෙලෙස මරණ දඬුවම නියම වුයේ රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වු අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්‍ෂමන් (42) නැමති සිදුරු පියකුටයි.

2012 වසරේ මෙම ඝාතනය සිදුවු අතර එම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් වසර තුනකට පසු 2015 වසරේදීයි.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ 2015 වසරේ සිට දඬුවම නියම කළ අතර ඊයේ දිනය දක්වාම විත්තිකරු රක්ෂිත බන්ධනාගාරයේ පසුවුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka