gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තම තමන් දකින සිහින නිහඬව දකින්න… ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු තරුණ නායකයින් පොහොට්ටුවේ ඕනෑ තරම් ඉන්නවා… පොහොට්ටුවන්ට පොහොට්ටුවෙකුගෙන්ම අවවාදයක්!

මුහුද හත්ගව්වක් තිබියදී අමුඩය ගැසීමට උත්සාහ නොකරන ලෙසත් තම පුද්ගලික අභිමතය මත පිහිටා පොහොට්ටුවේ  ජනාධිපති අපේක්ෂකයා  ගැන තැන තැන දෙඩවීම නවත්වා පක්ෂයේ විනයත් පක්ෂයත් ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම පොහොට්ටුවේ සෑම සාමාජිකයෙකුගේම වගකීමක් බවත්  අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ  නායකත්වයට පුද්ගලයින් ආනයනය කිරීමේ බරපතල අවශ්‍යතාවයක් පොහොට්ටුවට නැති බවත්, ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු සෑම අතින්ම දක්ෂ තරුණ නායකයින් සිටින බවත්ය.

ඔහු අවධාරණය කරන්නේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් විය යුත්තේ පොහොට්ටුව විසින් තෝරා පත්කරගන්නා අයකු මිස කිසිවකුගේ පෞද්ගලික අභිලාෂයන් තෘප්ත කරන පුද්ගලයින් නොවන බවය.

පක්ෂයේ සාමුහිකත්වය නොසලකා යම් යම්  පුද්ගලයින්   තමන්ගේ තනි ගමන් යනවිට  පක්ෂ ඇතුළත බෙදීම් ඇතිවන බවත් ඉන්  සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ විනාශයම බවත්ය.

රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයට වූ විනාශය මෙන්ම මෛත්‍රීපාල සිරිසේන යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවූ ව්‍යසනය පොහොට්ටුවට වෙන්නටට කිසිසේත් ඉඩ නොතබන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka